ඔබ හිනැහි හිනැහී සතුටින්
සිටිනවානන් එපමණකි මට තාමත්
...... .....
පෙළක් ජීවිත මෙබඳුය....
මළ ඈ මුව මත විළවුන් තවරා
හැඩ වැඩ කර හිස වට මල් දැවටූ
අදුරු රුදුරු ඈ මුව නොපෙනෙන ලෙස
මළ ඈ තනිවම සැකසූ වෙම්
හීන් සීරුවට නොසැළෙන ලෙස
දෙපස ලාබ මල් වඩම් අතර ඈ
රඳවා වම් පස ඉදිරි දොරින්
රියට ගොඩව ඈ රැගෙන යමින්
හෙමින් හෙමින් ඉබි ගමණින්
පාවඩ නැති රළු මං අතරින්
මළ ඈ පසුපස තනිව හොවාගෙන
නිම් නැති ගමනක පාළු මං මතින්
ඈ ආසම රතුපාට රෝස මල් වලට
හදිසියෙන්වත් මුණගැහුණු දවසක ඇගේ කම්මුල්වල රතට වඩා ගොඩක් රතු,
රතු රෝස මල් වලට
හවස ඉර බැහැගෙන යනකොට, අහස රතුපාට වෙන හවස්
ඇයව මතක් කරනවා තාමත්
ඒත්,
රතු කියන්නෙ මහ නපුරු පාටක්
හරියට කිසි තෙතමනයක් නැති හිත් වගේ
එහෙම හිත් රතු පාටයි
තද රතු පාටයි!
ඔබ හෙමින් සැරේ ආවා
ඔබ සැනින් ඉගිල වෙන් වූවා
ආදරේ අර්ථ විරහිත
දුක ශේෂ වන
හිස් වචනයක් කියා
කියාදී නුඹ ගියා
කවදාක කොතැනක හමුවේද අප ආයේ
ඒ මුණ ගැහීමම වේදනාවක් වේවී
දාහයක දැවී සුන්වී යාවී
සුසුම් සිරවී ආයෙ අප මිය යාවී
සුසුම් සිරවී ආයෙ අප මිය යාවී
නුඹ තනා ගිය හිස් අවකාශයේ පාවී
අප සිනාසුණු තැන් වේදනාවෙන් ගයමී
මතක එකිනෙක් මතුව ඒවී
සුසුම් සිරවී ආයෙ මා මිය යාවී
සුසුම් සිරවී ආයෙ මා මිය යාවී
ආදරය නමින් යමක් ඇති බව කියා දී ඔබ යන්න යන වගයි
ආදරය නමින් කිසිවක් නැති බව කියා දී ඔබ යන්න යන වගයි
ආදරයට කළ නොහැක්කක් නැති බව කියා දී ඔබ යන්න යන වගයි
ආදරයට කළ හැක්කක් නැති බව කියා දී ඔබ යන්න යන වගයි
මම තවම නුඹ වෙනුවෙන් තැවෙමි, මග බලන් ඉමි, විඳවමි, නුඹ සුවෙන්දැයි අසමි
නුඹ මා ඇතැර, ගල් වූ හදින්, නෑසූ කන්ව මගේ වේදනාවන් රසවිඳී......
හිත පාර පාරා වේදනාවන් රසවිඳී.......