හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්
දෙනෙත් කඳුලින් තෙමා
හඬක් නොනැගෙන සේ
නුඹට නොහඬා ඉන්න තිබුණා
හමු නොවී සිටියානම්
හමු වෙලා වෙන් වෙලා යන්නට කිසිම දා
අපට සිදු නොවන්නට තිබුණා
හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්
නෙත් අගින් පිළිතුරු නොදී
නුඹට ඉන්නට තිබුණා
හමු වෙලා වෙන් වෙලා යන දුක
හමු නොවී මහ හරින්නට තිබුණා
හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්
Thursday, May 16, 2019
Saturday, May 11, 2019
Friday, May 10, 2019
කැලැල්
සුව නොවිය යුතු කැලැල් ඇත
රිද්ද ගනිමින් විඳිනු හැක
පැසව පැසවා තියෙන විට
කතාවකි දෙබස් මතකෙට එන
නිදි නේන රෑක
රස විදිමි තනිව
නින්ද ඉඳහිට එන දාට
රස විඳිමි සිහිනෙන් ඈ එක්ක........
රිද්ද ගනිමින් විඳිනු හැක
පැසව පැසවා තියෙන විට
කතාවකි දෙබස් මතකෙට එන
නිදි නේන රෑක
රස විදිමි තනිව
නින්ද ඉඳහිට එන දාට
රස විඳිමි සිහිනෙන් ඈ එක්ක........
Thursday, May 9, 2019
ආදරය ක්ලේමෝ එකක්
කඩු කිණිසි බෝම්බ මොකටද
ආදරය ක්ලේමෝ එකක්
සතුරාගෙ පැත්තට මුහුණ ලා අටවන
ආදරය නොගැලපෙන තැන
ආදරය සතුරෙක් වෙන තැන
ක්ලේමෝව අටවන දින
පුපුරුවා ආදරය මිය යන දින
කවුරුනම් දනීද.......
ආදරය ක්ලේමෝ එකක්
සතුරාගෙ පැත්තට මුහුණ ලා අටවන
ආදරය නොගැලපෙන තැන
ආදරය සතුරෙක් වෙන තැන
ක්ලේමෝව අටවන දින
පුපුරුවා ආදරය මිය යන දින
කවුරුනම් දනීද.......
මා මරා පලා යන අහිංසකාවිය
ආදරේ කියන්නෙ දුකට
ගලන කඳුලු - ඒ ඔයා
හීනෙන්වත් නොඑන්නම
හීනෙන්වත් නිසිතු ලෙස
මා මරා පලා යන
අහිංසකාවිය - ඒ ඔයා
වරක් නොව යලි යලිත්
මැරි මැරී උපදින්න
මරා මහ මග දමා යන
ආදරවන්තිය - ඒ ඔයා
ගලන කඳුලු - ඒ ඔයා
හීනෙන්වත් නොඑන්නම
හීනෙන්වත් නිසිතු ලෙස
මා මරා පලා යන
අහිංසකාවිය - ඒ ඔයා
වරක් නොව යලි යලිත්
මැරි මැරී උපදින්න
මරා මහ මග දමා යන
ආදරවන්තිය - ඒ ඔයා
Wednesday, May 8, 2019
නිහඬව
හරි අපූරුයි
උන් සමඟ
මා පෙම් කල - පෙම් කරන ඇයත්
මගේ මරණය අභියස
බලා ඉන්නා අන්දම
උන් අත්පොලසන් දෙමින්.....
ඇය නිහඬව ඉඳිමින්.....
උන් සමඟ
මා පෙම් කල - පෙම් කරන ඇයත්
මගේ මරණය අභියස
බලා ඉන්නා අන්දම
උන් අත්පොලසන් දෙමින්.....
ඇය නිහඬව ඉඳිමින්.....
හීන
කොයිතරම් තිබුණත් කරදර
අපි හිනා නොවුනු දවසක් තිබුණද
හිත රිදිනු තැන් තිබුණට ඉඳ හිට
අපි තරහ වුන තැන් තිබුණද
දුකට සතුටට කඳුලු හැලුවට ඉකි බිඳ
අපි දුක් කඳුලු හැංගුව හැටි මතකද
අනේ අපි මොනා කරන්නද මැණික
අපි මවපු හීනත් දියවෙනව නේද
අපි හිනා නොවුනු දවසක් තිබුණද
හිත රිදිනු තැන් තිබුණට ඉඳ හිට
අපි තරහ වුන තැන් තිබුණද
දුකට සතුටට කඳුලු හැලුවට ඉකි බිඳ
අපි දුක් කඳුලු හැංගුව හැටි මතකද
අනේ අපි මොනා කරන්නද මැණික
අපි මවපු හීනත් දියවෙනව නේද
Sunday, May 5, 2019
ඉතින් එතකොට
කඳුලු පුරුදු වෙද්දෙන්
බොරු කරන්න
ඕනෙම වෙලාවටවත්
නෑවිදින් නවතින්න
හිනාවක් ඇතුලෙ
මුවා වී හැංගෙන්න
ඉතින් එතකොට
ගනන් නොගෙනම ඉද්දි
පුලුවන් හිනැහෙන්න
ගොළු වෙලා හැංගෙද්දි
සතුටින් ඉපිළෙන්න
නොකියාම හැරයද්දි
පැත්තවත් නොබලන්න
ඉතින්
කඳුලු පුරුදු වෙද්දෙන්
බොරුම කරන්න
මටත් පුලුවන් එතකොට
බොරුවට හිනැහෙන්න
සතුටින් ඉපිලෙන්න
යන්නම යන්න කියන්න
බොරු කරන්න
ඕනෙම වෙලාවටවත්
නෑවිදින් නවතින්න
හිනාවක් ඇතුලෙ
මුවා වී හැංගෙන්න
ඉතින් එතකොට
ගනන් නොගෙනම ඉද්දි
පුලුවන් හිනැහෙන්න
ගොළු වෙලා හැංගෙද්දි
සතුටින් ඉපිළෙන්න
නොකියාම හැරයද්දි
පැත්තවත් නොබලන්න
ඉතින්
කඳුලු පුරුදු වෙද්දෙන්
බොරුම කරන්න
මටත් පුලුවන් එතකොට
බොරුවට හිනැහෙන්න
සතුටින් ඉපිලෙන්න
යන්නම යන්න කියන්න
Saturday, May 4, 2019
Friday, May 3, 2019
දැවෙන සිත නසා සුවපත් වෙනු
දින
සති
මාස
අවුරුදු
කීයක්නන් ඉන්නද මෙහෙම
ඒ
දින
ගෙවන
හැටි
කියා දෙන කෙනෙක් වෙද කවුරු
අද
හෝ
හෙට
ඇවිත්
ගෙල සිඳ මා මරණු
තැවි
තැවි
දැවෙන
සිත
නසා නුඹ සුවපත් වෙනු
සති
මාස
අවුරුදු
කීයක්නන් ඉන්නද මෙහෙම
ඒ
දින
ගෙවන
හැටි
කියා දෙන කෙනෙක් වෙද කවුරු
අද
හෝ
හෙට
ඇවිත්
ගෙල සිඳ මා මරණු
තැවි
තැවි
දැවෙන
සිත
නසා නුඹ සුවපත් වෙනු
Thursday, May 2, 2019
නුඹ කොතන සිටියට මොකද නුඹ ඉන්න වග මං දන්නවා
නුඹ කොතන සිටියට මොකද නුඹ ඉන්න වග මං දන්නවා
ඔලුව අවුල් වෙලා කිසිම දෙයක් කර ගන්න බැරි තරමට අසරණ හැඟීම් හැම වෙලාවකම ඇති වෙන්නෙ නෑ. ඒත් ඒ වගේ වෙලාවල්වල ඇහෙන සමහර සිංදු ඒ හැඟීම් දෙගුණ තෙගුණ කරනව විතරක් නෙවේ ඒ හැඟීම් මොහොතකටවත් අමතක කරන්න බැරි කරලම දානව. අනේ මන්ද. වෙලාවකට හිතෙනව ඒ ඇහෙන සිංදු කවුරුහරි මගෙ මානසික තත්ත්වය දැනගෙන ප්ලෑන් කරල මාව තවත් රිදවල විනාස කරන්න හිතාගෙන ප්ලේ කරනවද කියලත්.
සමහරවිට ඒ එයයි මමයි කතා කරපු අන්තිම වතාව වෙන්නත් පුළුවන්. හෙට ඉඳන් එයා එයාගෙම අලුත් ලෝකෙක ජීවත් වේවි. සමහර විට ඒ දුකින් වෙන්නත් පුළුවන්. ඒත් එහෙම වෙන්න එපා කියලයි හැම වෙලාවෙම මමනන් හිතන්නෙ. ඒ කෝල් එක නොගැලපෙන වෙලාවක නවත්තල දැම්මෙත් මමමයි. මම දන්නව මම අඬනව අහන්න එයා කැමති නෑ කියල. මාත් කැමති නෑ එයා අඬනව බලන්න. හිත හයිය කරගෙන ගොලු වෙලා යන්න හදන බව නොතේරෙන්න තරන් මම මෝඩයෙක් නෙවේනෙ. අනික මම එයාව දන්නෙ අද ඊයෙක ඉදල ද?
හැමදාම පරිස්සමින් සතුටින් ඉන්න කියල එයාට යන්න ඉඩ දුන්නෙ පපුව පුපුරන්න තරන් වේදනාවකුත් එක්ක. ඒක තේරෙන්නනන් ඒ අත්දැකීම තියෙන කෙනෙක්ම වෙන්න ඕනෙ ඇති. කොහොමද කාටවත් ඒ වේදනාව තේරුන් කරන්නෙ. අඩුම තරමෙ මෙච්චර මාව දන්න ඔයාටවත්.....
"මල කොතැන පිපුනට මොකද
පිපුන වග මල දන්නවා
ගඟ කොතැන ගැලුවම මොකද
ගලන වග ගඟ දන්නවා
සඳ කොතැන දිලුනම මොකද
දිලෙන වග සඳ දන්නවා
නුඹ කොතන සිටියට මොකද
නුඹ ඉන්න වග මං දන්නවා"
මේ වගේ වෙලාවක, මෙහෙම සිංදුවක් ඇහෙනව කියන්නෙ අඩන්න ඉන්න මනුස්සයෙක්ගෙ ඇහැට ඇඟිල්ලෙන් ඇන්න වගේ නෙවේද? හෙට ඉදන් ඔයා මගෙ ගාව නැතත්, කොහේ හරි ඉන්නවනෙ. ඔව් ඒක මම දන්නව. හැබැයි ඉන්න ඕනෙ හොදින්, මාත් එක්ක පිච්චි පිච්චි හිටියට වඩා සතුටින්. ඒ අලුත් ජීවිතේ විඳින්නයි ඕනෙ, විඳවන්න නෙවේ. එතකොටයි මට සතුටු නැතත් දුක හරි අඩු වෙන්නෙ. හැමදාම මම කිව්ව වගේ ආදරේ කියන්නෙ දෙන දෙයක්, ආපිට බලාපොරොත්තු වෙන්න ඕනෙ දෙයක් නෙවේ. ඒකයි අදටත් ඔයාගෙ සතුට ප්‍රාර්ථනා කරන්නෙ. නැතුව මට මේ තනිය විඳගන්න පුළුවන් කමකටනන් නෙවේ.
ඔය සින්දුව පටන් ගන්නෙම හරියට මොනාද කියන්නෙ කියලවත් හිතා ගන්න බැරුව ඉන්න මං වගේ. පේලියක් ඇර පේලියක්. හරියට වචන පේලියක් කියනකොට ඊලඟ පේලිය කියා ගන්න බැරිව හිරවෙන මේ මං වගේ. එච්චරකට අමාරුයි ඒ හැඟීම දරා ගන්න.
"විලේ ලස්සන තවත් විල් දියෙ මලුත් පිපුනොත් තමා
දොලේ ලස්සන තවත් දොල දියෙ පෙනත් මැකුනොත් තමා
සඳේ ලස්සන තවත් සඳ දියෙ තරුත් දිලුනොත් තමා....."
ඔව් ඒ සේරම ඇත්ත....ඒත් සින්දුවෙ මෙහෙම කියනවනෙ....
"නුඹේ ලස්සන තවත් නුඹෙ සිතෙ මාත් සිටියොත් තමා"
අනේ එහෙම නෑ මගෙ මැණික. එහෙම නෑ.... මාව අයින් කරලම දාල ඒ අලුත් ජීවිතේට යන්න. එතකොට අලුත් ජීවිතේ ලස්සන වෙයි. තමන්ගෙ ආදරේවත් පරිස්සන් කරගන්න බැරි වෙච්චි මාව ඔයාගෙ හිතේ තියාගෙන මොනව කරන්නද....ඔයා කොහොමත් ලස්සනයි. ඒ හිත ලස්සනයි. වෙන කරන්නම දෙයක් නැති තැන මේ තීරණේ ගන්න උනාට මම දන්නව ඒක මට තරන්ම ඔයාටත් වේදනාවක් දුකක් කියල. ඒත් ඒ අලුත් ජීවිතේට යන්නම වෙනවනන් මට තියෙන්නෙ පැත්තක ඉදන් බලන් ඉන්නනෙ.
පාළුම පාළු මූසල බෝඩිං කාමරේක අමාරුවෙන් කැරකෙන ෆෑන් එක දිහා බලාගෙන කල්පනා කරන මේ කාලකන්නි මනුස්සයගෙ වේදනාව නිවන්න ඇඳ ගාවට ඇද ගත්තු ප්ලාස්ටික් පුටුව උඩ තියෙන බියර් කෑන් එකකටයි ඩන්හිල් පැකට් එකකටයි කරන්න පුළුවන් මගුලක් තියෙනවද? ඒ අස්සෙ මේ සින්දු......
-දිනුෂ ජයසිංහ-
-------------------------------------------------------------------
"මල කොතැන පිපුනම මොකද"
ගායනය - දිපිකා ප්‍රියදර්ශනී පීරිස්
සංගීතය - සුරේෂ් මාලියද්ද
පද - අතුල ජයදේව

Wednesday, May 1, 2019
ආදරේ එහෙමයි.....
මෙච්චරම වද වෙන්නෙ
පරිස්සන් කරන්න
ලඟ නැති නිසාමයි
ආදරේ එහෙමයි.....
ඒක දෙන දෙයක් විතරමයි
ආදරේවත් ආපිට ඕනෙ නෑ
පරිස්සමින් සතුටින්
ඉන්නවනන් එච්චරයි
ආදරේ එහෙමයි.....
පරිස්සන් කරන්න
ලඟ නැති නිසාමයි
ආදරේ එහෙමයි.....
ඒක දෙන දෙයක් විතරමයි
ආදරේවත් ආපිට ඕනෙ නෑ
පරිස්සමින් සතුටින්
ඉන්නවනන් එච්චරයි
ආදරේ එහෙමයි.....
මැවි මැවී පේන
ඔව් මම දුකින්
හේතුවක් තේරෙන්නෙ නෑ
ඇයි කියන්න දන්නෙත් නෑ
මහ පාලුවක් තනිකමක්
ඒක මහ අමාරු හැඟීමක්
කෑ ගහල අඬන්න හිතෙන
හුස්ම හිරවෙන්න වගේ වෙන
ඒ අතරින් පතර
එකම රූපයක් මැවි මැවී පේන
නින්දක් අහලකටවත් නේන......
හේතුවක් තේරෙන්නෙ නෑ
ඇයි කියන්න දන්නෙත් නෑ
මහ පාලුවක් තනිකමක්
ඒක මහ අමාරු හැඟීමක්
කෑ ගහල අඬන්න හිතෙන
හුස්ම හිරවෙන්න වගේ වෙන
ඒ අතරින් පතර
එකම රූපයක් මැවි මැවී පේන
නින්දක් අහලකටවත් නේන......
Subscribe to:
Posts (Atom)