Friday, October 25, 2019

සමා වුව මැන

වද දෙන්නෙ නුඹට
මා නොව
මගේ ආදරයයි

නුඹ පසුපස
පැමිණෙන්නේ
මා නොව
මගේ ආදරයයි

නුඹ ගැන සිත සිතා
දුක් වන්නේ
මා නොව
මගේ ආදරයයි

ඉතින්,

නුඹ මගෙන් පළිගෙන පලක් නැත
පළිගන්න මගේ ආදරයෙන්
මරා දමන්න ඒ ආදරය
ඒ වදකාර ආදරය
මරා දමන්න
නුඹට සිත් ලෙස


No comments:

Post a Comment