ඔබ දිනෙන් දින මරණයේ සුදු දද මගේ මග දෙපස අතුරයි
මා රැයෙන් රැය වීදුරු පුරා සතුට පැනින් ජීවිතය අයදියි
ව්‍යාග්‍ර ධේනුවක් ගොදුර අඩපණ කොට එදෙස බලා සිටියි
තවම මිය ගොස් නැත, බලාපොරොත්තු හැර මරණයට සැරසෙයි
සුදු නැති මගේ මරණය එපා වසන්න සුදු ඇඳුමකින්
කළු පැහැය කදිමයි, ආදරය නම් වරද සිහිගන්වයි
කඳුලු ආවොත් සතුටට, සඟවාගෙනම ඉන්න වෙයි
හිස නමා බොරු වැඳුම් මොකටද, මළ සිරුරකට අකැපයි
මිතුරන් හමුවන්න තොරතුරු විමසන්න මේක උත්සවයක්
විහිලුවෙන් සිනාවෙන් ප්ලාස්ටික් පුටුවක ඉන්න පුලුවන් ටිකක්
වැරදි ඇද හොඳ විමසන තැනක පවසන්න ඔබත් බොරුවක්
මිනීමරුවන් මළගමට පැමිණෙන එක සමාන්‍ය සිරිතක්
No comments:
Post a Comment