කවදාවත් තමන් ආදරේ කරන කෙනාට ආදරෙයි කියල කියන්න දෙපාරක් හිතන්න එපා.
ටෙලිෆෝන් රිසීවරේ ඒක ලියලා තියා ගන්න බැරි වෙයි. ඒත් ඒක හිතේ ලියා ගන්න පුළුවන්.
ජීවිතේ මේ වෙනකන් විවිධ කාල වල කවුරු ජීවිතේට ඇවිත් වෙන්වෙලා ගිහින් තිබුණත්, ඔයාට තරන් ආදරේ කියන දේ වචනයෙන් කියල නෑ කාටවත්. සමහර විට ඔයත් මගෙන් තරන් ඒ වචනෙ කාගෙන්වත් අහල නැතුව ඇති.
කොච්චර ආදරේවුනත්, කොච්චර ආදරේ බව කීවත්, කොච්චර ආදරේ බව ඇහුවත්, අපි ඉන්නෙ දෙතැනක.
ආදරේ නාමයෙන් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න බැරි තරන් ඈතක. එක අතකින් ඒ නිසාම වෙන්න ඇති මෙච්චර ඒ බැඳීම හයිය වෙලා තියෙන්නෙත්.
ආදරේ හිලව්වට වෙන කිසිම දෙයක් බලාපොරොත්තු නොවෙන තැන ඒ ආදරේ ආදරේම විතරයි. වෙන හංගපු දේවල් නෑ.
මොනා උනත් ආදරේ කරනකොට කරදරයක් වෙන ගානට දැනෙන්න ආදරේ කරන්න ඕනෙ. මම කැමතියි මෙහෙම ඈත ඉඳන් වද දෙන්න. මට ඕනෙ දේවල් කර ගන්න. ඒ දේවල් වලින් වෙන්නෙ හොඳක් නෙ.
මගේ ආදරේ හැටි තමයි ඒ. ❤️
No comments:
Post a Comment