අටයි තිස් හතර
ඇය නිහඬ වී තිබුණි
ඊට මිනිත්තු පහකට පෙර මා අමතා
සුළු මොහොතකින් ඇය නිහඬ වී තිබුණි
ඔබේ ආදරණීයයන්ට ප්‍රතිචාර දැක්වීමට
මිනිත්තු පහක්වත් ප්‍රමාද විය යුතු නැත
එවැනි ප්‍රමාදයන්
ජීවිත කාළයම නුඹ හඬවනු ඇත
නුඹ ජීවත්ව සිටියද
මියෑදුණු අයෙකු බවට පත් වනු ඇත
No comments:
Post a Comment