Wednesday, November 10, 2021

ලංවෙන්නවත් නොහැකි ගිරි ශිඛර මත දුර ඈත

දම් පාට මල් පිපෙනවා නොහැකි මුත් විඳගන්න ඒ සුවඳ

රොන් සොයා ඉගිල එනවට වඩා හති වැටෙන දිගු ගමනක

දුරින් ඒ මල දකින එක තමයි මටනන් ලස්සන


අත පොවන්නට දුර උනත් ඇයි මගේ කර ගන්නට බැරි

දුර තැනක නොපෙනෙන්න ඉඳ රුව දකින එක මට රිසි

නොදුටු සේ වෙනතක් බලා නුඹ ඉන්න විට හැඩ වැඩි

ඈත පිපුනට කමක් නෑ, ලස්සනම මල නුඹ මගෙ

No comments:

Post a Comment