Tuesday, February 28, 2017

හීනත් මේ තරම් ඇයි

රිදවන්න මෙතරම්
කළ වරද කිම
පවසන්න රත්තරන්

හඬවන්න මෙතරම්
නොකළ දේ කිම
නොසඟවා පවසන්

හිත රිදෙන තරම්
පවසන්න මට - දෙන්න
මදකට වරම්

හීනත් මේ තරම්
නපුරු ඇයි - අනේ
මට පවසන්