Sunday, March 26, 2017

අහම්බෙන් ලැබුණු - නොලැබුණු

මේ තරම් අහම්බයක්
කවුරුන්නම් පිළිගනීවි ද
අහම්බයක්ම බැව්
විශ්වාස කරනු බැරිකොට
ඔබටත් මටත්......

ඒත් මමනන් හරිම ආසයි
අහම්බෙන් හරි එහෙම වෙනවට......


අහම්බයක්නෙ ඔබත්
මට ලැබුණු - නොලැබුණු
ඒත්, මිල නොකලහැකි වූ.....

Wednesday, March 1, 2017

සිහින කුමරිය

හෙමිහෙමින් ඇවිත් මගෙ හදවතට
හුරතලෙන් හිනැහෙමින් දුරින් ඉඳ
අහිංසක ඇස් කොනින් ඉඟිකෙරුව
ලස්සනම ලස්සන සිහින කුමරිය

ඒ සිහිනයේ රැඳෙන්නට මම ආසයි
සිහිනයෙන් මට මිදෙන්නට වේ දෝ බයයි