මේ කවි ඔබේ බැව්
මගේ නොවන බැව්
කොච්චරනම් කිව්වද
කෝ ඇහුවද....?
කවි උල්පත ඔබම බැව්
මගේ හිත නොවන බැව්
කොච්චරනම් කිව්වද
කෝ ඇහුවද....?
ලියූ කවි ඔබටම බැව්
නෑ... නෑ...
ලියවෙන කවි ඔබටම බැව්
කොච්චරනම් කිව්වද
කෝ ඇහුවද....?
ඉතින් දැන්වත් ඉන්න තැනකින්
එලියට එනවද
කත කරනවද
හිනා වෙනවද - කලින් මෙන්
කොච්චරනම් කිව්වද .... නපුරිට
කවියක්වත් ලියවෙන්නෙ නැති බැව්
කෝ ඇහුවද....?