Saturday, September 23, 2017

හබරණ ඒ අම්මා ටීවී කැමරාවට මෙහෙමත් කිව්වා...

මං හිටියෙ පිළිකන්නෙ
ලුණු ටිකක් ඉල්ලන්න
යන ගමන් සෝමක්කලෑ ගේ පැත්තෙ

මනුස්සය තාම නෑ
පෙරේදා ගිය ගමන්
මහ කැලේ බමර පැණි හොයනවැ'ති

පොඩි එකා හපල ඌ
බඩගින්නෙ ගොම පොළොවෙ
නිදාගෙන ඉන්දැද්දි

තාම සතියයි
නැති උනා මහත්තයො
හබරණින් දබුල්ලට ගෙනියද්දි

ඌත් බඩගින්නෙ ඉන්ඩැ'ත්තෙ
මාත් දන්නව
අමාරුව ඔය කියන බඩගින්නෙ

අල බතල නැති වෙන්න
අපිත් මෙලහට මැරිලා
බාල පෙට්ටියක්වත්
නැතුව මළගම් ගිහිල්ලා.....