Friday, September 28, 2018

ලීක් වෙච්ච ලින්ක් වගයක් තියෙනව, එවන්නද.....

ලීක් වෙච්ච ලින්ක් වගයක් තියෙනව, එවන්නද.....

වළාකුළු බැම්ම පහුකර
පක්ෂි වසුරුත් මගහැර
ඔබ මොබ යන අතර
කොනිත්තපු තැන්
තාමත් රිදෙනවද.....

ගුඩ්ෂෙඩ් එකේ කෙළවර
රතු පාට බස් එකක මුල්ලක
ගවුම් රැලි පොඩි වෙච්චි හවසක
හිරිකඩක්වත් නැතුවම
හිරිගඩු පිපුණු ලස්සන.....

කසුන් බණ්ඩාර සෙනෙවිරත්න
චාපා ගංගාදරී අබේනායක
අමතකව ගියාට
අමතක නෑ නේද
තුන් පාරක් බලපු
ආදරණීය වස්සානය.....

නොස්ටැල්ජීක සීතල මතක
ෆෝන් සීසී ටීව් නැතුවම
ලීක් වෙනව තාම ඉඳහිට.....
ඔයාටත් බලන්න
ලින්ක් එක මං එවන්නද....

දිනුෂ ජයසිංහ
2018.09.28

Thursday, September 27, 2018

බරපතල රිදවුම් ඉවසිය යුතුය

       බරපතල රිදවුම් ඉවසිය යුතුය
       -------------------------------------------

            විකල්ප නැති ආදරයක්
         ඒක මහ දරුණු දඬුවමක්
                  නිදහසක් නැති
        පෙනෙනතෙක් මානයකවත්

              ආදරය සිර දඬුවමක්

                ජීවිතාන්තය තෙක්
             බරපතල රිදවුම් සහිත
                     සිර දඬුවමක්
       
                   ~දිනුෂ ජයසිංහ~
                          2018.09.27

Thursday, September 20, 2018

පතොක් හදවත්


පතොක් හදවත්
 
හදවතක් සැනසීම පමණක්
කළ යුතුය තව හදවතක්
බැරිද ගේන්න නීතියක්
අන්න ඒ පක්ෂෙට
මේ පාර මගෙ ඡන්දයත්
 
කටු පිරුණු පතොක් හදවතක්
පණ ගැහෙන මුදු තෙත් හිතක්
කරන්නට හැකි වෙදදුරෙක් වෙද
සොයා දෙනවද
අනේ පිං ලොකු උදවුවක්
 
කටු ඇණෙනකොට දරා ගන්නට
ලේ පෙරෙනකොට හිනා වෙන්නට
දුක් නිවාලන ගීත පදයක්
කියා දෙනවද
ඒ මොකක්වත් බැරි උනත්.....
 

-දිනුෂ ජයසිංහ-

Tuesday, September 11, 2018

වේදනාව

 
 
 
පෝක් කෑල්ලක් කද්දි
දිව හැපුණ චුට්ටක්
අම්මෝ........!
රිදිච්ච තරමක්

හීන බොඳ කළ හැකියි, මෙහෙමත්

 
 
 
 
හීන බොඳ කළ හැකියි
මෙහෙමත්
_________________________
 
කවි නමින් හැංගුනේ
කවදත්
ඔබ නමින් හිතේ උන්
රහසක්
මිරිකමින් හීන කවි
දහසක්
හිනැහුණා නෙතු අගින්
දවසක්
 
ඔව්,

හීන බොඳ කළ හැකියි
මෙහෙමත්
 
 
~දිනුෂ ජයසිංහ~