දම් පාට වෙරළ ඉම
සුදු පාට වැලි අහුරු
එක් කරන් මා තැනූ
මාලිගාවක් ඔයා
කලු පාට කණ්නාඩි
රතු පාට ඇස් වසා
නුඹව නොපෙනෙන ලෙසට
මගේ ඇස් බොඳකලා
සුදු පාට කහ ඉරෙන්
රතු එලිය තියෙද්දිම
පාර පැන ඈ මගෙන්
නොකියාම වෙන්වුනා
2019.01.15
Thursday, January 17, 2019
Sunday, January 6, 2019
සොඳුර නුඹ මට අහිමිමුත්............
සොඳුර නුඹ යනෙන මග
තැන තැන නොව, සැමතැන
රුදුරු වන සතුන් වෙත්
කල්පනාවෙන් නිතර
සොඳුර නුඹ යනෙන මග
නෙක මල් දකින, විසිතුරු
සැම නොව, බොහොමයක් විස
මකරන්ද රස නොබලන්
සොදුර නුඹ යනෙන මග
බාධක පවුරු ගැරහුම්
නිතර නොවුනත්, ඉඳහිට හමුවුණත්
නොසලකන්, එයයි යහපත්
සොඳුර නුඹ යනෙන මග
හරි පරිස්සමින්නි, තර විමසිල්ලෙන්
යන එකයි වැදගත්
...... .....
2019.01.06
Tuesday, January 1, 2019
Subscribe to:
Posts (Atom)