Friday, February 19, 2021

අහන්න

මේ ඉරිදා රෑ 8ට

fm රුහුණෙන්

107.3/107.5

අලුමඬල නැවුම් ගී එකතුව

(Radio Garden app එකෙන් අහන්න පුළුවන් )

 





Sunday, February 14, 2021

ආදරය


තව කෙනෙක් අරඹයා හිතේ ආදරයක් ඇති වීමට මොහොතක් වුවත් ප්‍රමාණවත්‍ ය. නමුත් ඒ ඇතිවන ආදරය පවත්වා ගැනීම එතරම් පහසු නොවේ. දිගින් දිගටම ආදරය කිරීමට, ඒ ආදරය වෙනුවෙන් බලා හිඳීමට, ඒ ආදරය රැකීමට, ඒ ආදරයේ සතුටට ඉඩ දීමට මනා පෞරුෂයක් තිබිය යුතුය. එම පෞරුෂය ගොඩ නගා ගැනීමට අවශ්‍ය ශක්තිය ලබා දෙන්නේද වෙන කිසිවකින් නොව ඒ ආදරය නිසාමය. ඒ ආදරය තමාට සැමදා ලැබෙන බවට ගොඩනංවා දෙන විශ්වාසය මතය. ඉතින්, ආදරය කිරීමටත්, ආදරය නොනැසී පවත්වා ගැනීමටත් විශ්වාසය ලබාදුන් ඔබට ගොඩක් ආදරේ බව පවසනවා හැර, ශුභ පැතීමේ අදහක් මටනම් නැත.

...... .....

දිනූෂ 14.02.2021

Sunday, February 7, 2021

ඔබ තුටින් හිනැහෙන       දාට

කව් පද ලියවෙන්නෙ සතුටට