Friday, September 6, 2024

පෙළක් ජීවිත මෙබඳුය....

පෙළක් ජීවිත මෙබඳුය....


මළ ඈ මුව මත විළවුන් තවරා

හැඩ වැඩ කර හිස වට මල් දැවටූ

අදුරු රුදුරු ඈ මුව නොපෙනෙන ලෙස

මළ ඈ තනිවම සැකසූ වෙම්


හීන් සීරුවට නොසැළෙන ලෙස

දෙපස ලාබ මල් වඩම් අතර ඈ

රඳවා වම් පස ඉදිරි දොරින්

රියට ගොඩව ඈ රැගෙන යමින්


හෙමින් හෙමින් ඉබි ගමණින්

පාවඩ නැති රළු මං අතරින්

මළ ඈ පසුපස තනිව හොවාගෙන

නිම් නැති ගමනක පාළු මං මතින්