“කූඹිච්චි”
අට වසරෙදි විතර ඉස්කෝලෙ යනකොට අහම්බෙන් මට හම්බෙච්චි
ඉරිද පංතියට ලස්සන ලස්සන ගවුම් ඇන්ද මල් මල් බෝරිච්චි
කැරලි කොන්ඩෙ වැඩිය දිග නැති යනකොට දෙපැත්තට පැද්දෙච්චි
ඉඳල හිටල හිනාවෙනකොට මගෙ හිතත් හොඳටම
ගැස්සෙච්චි
කොල්ලො විහිළුවට කිව්වෙ ඒ කාලෙ ඔයාට “ලස්සන කූඹිච්චි”
දහයෙ පංතියෙදි මං උන්ට බැන්නෙ, “කට
වහන් ඉදපන් ඒ මගේ කූඹිච්චි”
උන්ට බැන්නට උඹ මගේ වග උඹට කියන්නට බැරිවෙච්චි
ඕ ලෙවල් ලියුවැයින් පස්සෙ උඹ ගැන ආරංචියක්වත්
නැතිවෙච්චි
කාලෙකින් දැක්කෙත් නෑනෙ, ලඟට එනකන්ම අදුරගන්නත් බැරිවෙච්චි
No comments:
Post a Comment