Sunday, June 24, 2018

ප්‍රේමය කියන්නෙම ප්‍රේමයක්

අනියම් විය හැකිද
ප්‍රේමයක්
කොහොමටවත්

අසම්මත විය හැකිද
ප්‍රේමයක්
කවදාකවත්

තහනම් විය හැකිද
ප්‍රේමයක්
කිසිවෙකුටවත්

ප්‍රේමය කියන්නෙම
ප්‍රේමයක්
කවුරු කොහොම කිව්වත්

      - දිනුෂ ජයසිංහ
        2018.06.24

Friday, June 22, 2018

එබැවින් ඉවසමි

දවසක් ඒවි
තාත්තෙකුටත්
දූ අත අත හැර
බලා ඉන්නට
පසෙකින්.....

  2018.06.22

Sunday, June 10, 2018

නෙලුම් කුළුණෙන් වැටී මියගිය තරුණයා නොකී කව.....

නෙලුම් කුළුණෙන් වැටී මිය ගිය
තරුණයා නොකී කව...............
__________________________

අමුතුවෙන් වැටෙන්නෙ කොහෙටද
ඉපදෙනකොටම අපි
ගොඩක් පහලට වැටිලනෙ හිටියෙ

නෙලුම් කළුණුත් කුළුණුද
අපේ දුක් කුළුණුත් එක්ක බලනකොට
ඒව හරි පුංචි ගොඩනැගිලි

අපිට කවුද උඩට යන්න ලිෆ්ට් දුන්නෙ
හැමෝම කලේ මගක් ගෙනිහින්
බිමට අතෑරපු එකමනෙ

මල්වඩම් ලොකු තොරණ් මොකටද
අපි වගේ මියෑදුනු උන් නමින්
ජීවිතේ ගොඩ ගන්න දගලද්දි

     2018.06.10

Saturday, June 9, 2018

මල් පිරී ගෙමිදුලේ අඹ ගහ
සුදට හිනැහී බලනවා

එහා වත්තේ ජානකීගේ
පොඩි එකී අර අඩනවා

මට පේන්නම හිනැහෙමින්
නැපි මිරික මිරිකා වනනවා

බාල්කේ අර ලේන් කූඩුව
දකිද්දිත් දුක හිතෙනවා

ගෙඩි හැදන්නැති මල් පැපොල් ගහ
කපන්නත් මට හිතෙනවා.......

        දිනුෂ ජයසිංහ
        2018.06.09