ඇල්කොහොල් වලටත්
එක එක උත්තර
දෙන්න පුළුවන් වග
ස්තූතියි
කියා දුන්නට........ 🖤
Wednesday, July 10, 2019
නුඹ ඒ රිද්මය අසා නැත..............
මගේ හදවත
ගැහුණු රිද්මය
වරක් හෝ
අසා ඇත්නම්
හදේ රිද්මය
නතර වී
මියෙන තුරු
මග බලා
නොසිටිනු ඇත
අවාසනාවකි
නුඹ ඒ රිද්මය
අසා නැත..............
තාම මැරිලා නෑ
ඒ හීනෙ අන්තිමට මං මැරුණා
එච්චරයි මතක
එක පාර බය වෙලා ඇහැරුණා
රෑ එකට විතර
මං තාම මැරිලා නෑ
දුක හිතුන තදට
එච්චරයි මතක
එක පාර බය වෙලා ඇහැරුණා
රෑ එකට විතර
මං තාම මැරිලා නෑ
දුක හිතුන තදට
යථාර්ථය
ජීවිතේ දුන්නේ තියා ගන්න
පරිස්සං ඇති තැනක
පරිස්සමට බලා ගන්න
ඇයි ඉතින් විසි කළේ
දැං ඉඩ මදිද බලා ගන්න
පරිස්සං ඇති තැනක
පරිස්සමට බලා ගන්න
ඇයි ඉතින් විසි කළේ
දැං ඉඩ මදිද බලා ගන්න
Tuesday, July 9, 2019
නීතියක් නෑ එහෙම
නීතියක් නෑ එහෙම
අපි ආදරය කරන වුන්
අපට ආපිට ආදරය කල යුතු යැයි
නමුදු
ආදරයෙන් මියෙන්නට
ඒකපාර්ශ්වික ආදරයක් පමනක් වූව
පමණ වග
හිමිව ඇතැයි හිතෙන
අහිමි බව පසක් වන
ඕනැම නිමේෂයක
දැනෙනු ඇත
වේදනාවෙන් පෙළෙනු බලා
ආදරය කල උන්ම
යම් දිනෙක හිනැහෙනු ඇත
වේදනාවට හේතුව උන්ම බැව්
අමතකව හිනැහෙනු ඇත
දුක් නොවන්න
තත්පරයක් හෝ
හදවතින්ම
නුඹ ආදරය කල බැවින්
උන් හා එක්ව නුඹ හිනැහෙන විටෙක වූව
ඒ සතුට දැක සතුටු වනු හැක
එයයි ආදරය......... නුඹට නොවැටහෙන
අපි ආදරය කරන වුන්
අපට ආපිට ආදරය කල යුතු යැයි
නමුදු
ආදරයෙන් මියෙන්නට
ඒකපාර්ශ්වික ආදරයක් පමනක් වූව
පමණ වග
හිමිව ඇතැයි හිතෙන
අහිමි බව පසක් වන
ඕනැම නිමේෂයක
දැනෙනු ඇත
වේදනාවෙන් පෙළෙනු බලා
ආදරය කල උන්ම
යම් දිනෙක හිනැහෙනු ඇත
වේදනාවට හේතුව උන්ම බැව්
අමතකව හිනැහෙනු ඇත
දුක් නොවන්න
තත්පරයක් හෝ
හදවතින්ම
නුඹ ආදරය කල බැවින්
උන් හා එක්ව නුඹ හිනැහෙන විටෙක වූව
ඒ සතුට දැක සතුටු වනු හැක
එයයි ආදරය......... නුඹට නොවැටහෙන
දරා ගත නොහැකි තැන
හිතේ තෙරපෙන හැඟුම් පොදි
කදුලු කැටවී පනින හැටි
පපුවේ හිරවී හැඟුම් ගුළි
හුස්ම නැවැතී මියෙනු ඇති
කදුලු කැටවී පනින හැටි
පපුවේ හිරවී හැඟුම් ගුළි
හුස්ම නැවැතී මියෙනු ඇති
Sunday, July 7, 2019
වේදනාවේ සෙත් කවිය
හිත රිදෙන තරමට මෙතරම්
ආදරය කියා දුන් හැටි මනරම්
නුඹ දුන් මතක ගුළි කරන්
හඩන වැලපෙන හැටි දනී නම්
සමු අරන් යා හැකි නම්
වැලපෙනු කිමද මෙතරම්
සමු ගනිමි ජීවිතෙන්
නුඹ නැති දිනෙක කිසියම්
දුකක් නුඹට කිසි දවසක නොදැනේවා...!
හිතින් හිතන හැම පැතුමන් ඉටු වේවා...!
නිතින් නිතින තුටු කදුලැලි ඉතිරේවා...!
රුවන්, විමන්, පිරිවර නුඹ සතු වේවා...!
ආදරය කියා දුන් හැටි මනරම්
නුඹ දුන් මතක ගුළි කරන්
හඩන වැලපෙන හැටි දනී නම්
සමු අරන් යා හැකි නම්
වැලපෙනු කිමද මෙතරම්
සමු ගනිමි ජීවිතෙන්
නුඹ නැති දිනෙක කිසියම්
දුකක් නුඹට කිසි දවසක නොදැනේවා...!
හිතින් හිතන හැම පැතුමන් ඉටු වේවා...!
නිතින් නිතින තුටු කදුලැලි ඉතිරේවා...!
රුවන්, විමන්, පිරිවර නුඹ සතු වේවා...!
Saturday, July 6, 2019
හිතන්නට වත් ඉඩක් නැති සබඳකම්
තවත් තව තවත් අය ඇත්තටම
හිතන බව හිතෙන විට නුඹ ගැන
හිතන්නට වත් ඉඩක් නැති නුඹ ගැන
සබඳකම් ඇත්තටම වදයක් නේද
හිස මත නුඹේ අත තියා මම පවසමි
නුඹ තරං සිතට සුව දුන් කෙනෙක් තව නැති
නුඹ නැති දිනෙක දැනෙනා දුක් සිතුවිලි
සඟවන්න රස තැන් ඉතිරි දැයි නොදනිමි
විඳව විඳවා නුඹ ඉන්න එපා යන්න
රිදව රිදවා ඉන්න මට නැහැ හයිය
විඳව විඳවා මැරෙන දවසට ඔන්න
හිනැහි හිනැහී මා බලන්නත් එන්න
උන් නුඹ රකිනු ඇත තනියක් දැනෙනු නොදී
මා දුන් කැළැල් උන් එක් වී මකනු ඇතී
නුඹ පසුපස ඇවිත් නුඹ නොලැබුණු විට දීී
මා ගෙතු කතාවක් බව පවසනු මැනවී
හිතන බව හිතෙන විට නුඹ ගැන
හිතන්නට වත් ඉඩක් නැති නුඹ ගැන
සබඳකම් ඇත්තටම වදයක් නේද
හිස මත නුඹේ අත තියා මම පවසමි
නුඹ තරං සිතට සුව දුන් කෙනෙක් තව නැති
නුඹ නැති දිනෙක දැනෙනා දුක් සිතුවිලි
සඟවන්න රස තැන් ඉතිරි දැයි නොදනිමි
විඳව විඳවා නුඹ ඉන්න එපා යන්න
රිදව රිදවා ඉන්න මට නැහැ හයිය
විඳව විඳවා මැරෙන දවසට ඔන්න
හිනැහි හිනැහී මා බලන්නත් එන්න
උන් නුඹ රකිනු ඇත තනියක් දැනෙනු නොදී
මා දුන් කැළැල් උන් එක් වී මකනු ඇතී
නුඹ පසුපස ඇවිත් නුඹ නොලැබුණු විට දීී
මා ගෙතු කතාවක් බව පවසනු මැනවී
Subscribe to:
Posts (Atom)