Tuesday, July 9, 2019

නීතියක් නෑ එහෙම

නීතියක් නෑ එහෙම
අපි ආදරය කරන වුන්
අපට ආපිට ආදරය කල යුතු යැයි

නමුදු
ආදරයෙන් මියෙන්නට
ඒකපාර්ශ්වික ආදරයක්‌ පමනක් වූව
පමණ වග
හිමිව ඇතැයි හිතෙන
අහිමි බව පසක් වන
ඕනැම නිමේෂයක
දැනෙනු ඇත

වේදනාවෙන් පෙළෙනු බලා
ආදරය කල උන්ම
යම් දිනෙක හිනැහෙනු ඇත
වේදනාවට හේතුව උන්ම බැව්
අමතකව හිනැහෙනු ඇත

දුක් නොවන්න
තත්පරයක් හෝ
හදවතින්ම
නුඹ ආදරය කල බැවින්

උන් හා එක්ව නුඹ හිනැහෙන විටෙක වූව
ඒ සතුට දැක සතුටු වනු හැක
එයයි ආදරය......... නුඹට නොවැටහෙන

No comments:

Post a Comment