තමන්ට ආදරේ කරන කෙනෙක්ට ආපිට දෙන්න පුලුවන් හොඳම තෑග්ග මොකද්ද දන්නවද? එක පාරටම හිතෙන්නෙ අනික් පැත්තට ආදරය කරන එක කියලනෙ...ඒත් ඒක එහෙම නෙවේ. ඇත්තටම ආදරේ කරන කෙනෙක් ආදරේ නෙවේ බලාපොරොත්තු වෙන්නෙ. මොකද ආදරේ කරන එක ආපිට ආදරේවත් බලාපොරොත්තුවෙන් කරන්න පුලුවන් දෙයක් නෙවේ. ඒක දෙන දෙයක් විතරමයි. ආදරේ වෙනුවෙන් ආපිට ආදරයක් බලාපොරොත්තු වෙන්න, ඒක ඩීල් එකක් නෙවේනෙ. හැබැයි ඇත්තටම ආදරේ කරන කෙනෙක් හැමදාම දකින්න අහන්න කැමති එක දෙයක් තියෙනවා. ඒ තමන්ගෙ පණටත් වඩා ආදරේ කරපු කෙල්ල කොහෙ හරි සතුටින්, පරිස්සමින් ඉන්නව දකින එක. නොදැක්කත් එහෙම ඉදීවි කියල හිතන එක උනත් පුදුමාකාර සතුටක්.....මම මේකෙ කෙල්ල කියල විතරක් ලිව්වට ඒ ආදරේ අනික් පැත්තටත් එහෙමම තමයි. ඇත්තටම රෝමයක් වත් අයිති කර ගන්න බැරි තැන්වල තියෙන ආදරේ වෙන්න ඇති සුන්දරම....
මම මේක ලියන්න පටන් ගත්තෙ "තමන් ආදරේ කරපු...." කියල. ඒත් ඇත්තටම එහෙම වෙන්න බෑනෙ. ආදරේ කරපු කියල අතීත කාල වචනයක් තියෙන එකම වැරදිනෙ. එහෙම වෙනවනන් එතන ඇත්ත ආදරයක් තිබිල නෑ. එක දවසක් හරි කාට හරි ඇත්තටම ආදරේ කලානන්, ඒ කෙනා තාමත්, හැමදාටමත්, මරෙනකන්මත් ආදරේ කරනවා. ළඟ ඉන්නවද නැද්ද, තමන්ට අයිතිද නැද්ද කියන එක අදාලම නෑ.... ඉතින් ආදරේ කරපු කියල එකක් නෑ, ආදරේ කරන කියල විතරයි හරිනන් තියෙන්න ඕනෙ....
"කොහේ හෝ නුඹ නතර වී
කාට හෝ ජීවිතය දී
තුටින් නම් මට ඒ ඇතී
මගේ නොවුනට කම් නැතී
නුඹ මගේ නොවුනට කම් නැතී"
https://youtu.be/VtbEqhwamqw
මෙහෙම කියන්නෙ දිවුල්ගනේ. වචන ශාමිලා හුසේන් ගෙ. සංගීතය දර්ශන වික්‍රමතුංග ගෙ. ඉතින් ඇත්තනෙ නේද මේ කියල තියෙන්නෙ. මගේ නොවුනත් ඇත්තටම ආදරේ කරන කෙනෙක් බලාපොරොත්තු වෙන්නෙ තමන් ආදරේ කරන කෙල්ල කොහේ හරි පණ වගේ පරිස්සන් කරන, පණටත් වැඩිය ආදරේ කරන මනුස්සයෙක් ගාව, තමන් පරිස්සන් කලාටත් වඩා පරිස්සමින්, තමන් ගාව හිටියටත් වඩා සතුටින් ඉන්නව දකින්නනෙ. ඒ සතුට තවත් වැඩි වෙයි ලස්සන දරු පැටවු දෙතුන් දෙනෙකුත් හදාගෙන ඒ කෙල්ල ජීවිතය විඳිනව දැක්කොත්.... ඉරිසියාවක් හිත යටින්වත් හිතෙන්නෙ නෑ.... හැබැයි මේ කියන්නෙ ඇත්තටම ආදරේ කරපු දෙන්නෙක් ගැන විතරයි. කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම වෙන්නෙ කොහොමද කියල. ඔයාට එහෙම හිතුනනන් ඔයා කවදාවත් ඇත්තටම ආදරේ කරල නෑ....
ඔය සිංදුවට පස්සෙ යූටියුබ් එකේ ප්ලේ වුනේ දිවුල්ගනේ ගෙම තවත් සින්දුවක්. ඒක ලියල තියෙන්නෙ රවි සිරිවර්ධන. සංගීතය රෝහණ වීරසිංහ ගෙ.
"අම්මා කෙනෙක් බිරිඳක් වෙලා
ලොව කාට හෝ නුඹ උරුමැතී
සතුටින් ද ඔබ පෙරටත් වඩා
මගේ ඉපැරණි පෙම්වතී..."
https://youtu.be/c_Ko3ia6fBQ
මම මේ සිංදුවෙ කැමතිම පද පේලිය තමයි "සතුටින් ද ඔබ පෙරටත් වඩා" කියන පද පේලිය. තමන් ගාව හිටියටත් වඩා සතුටින් තව කෙනෙක් ගාව තමන් ආදරේ කරපු කෙල්ල ඉන්නව කියල දැන ගන්න එක ආදරේ කරපු කෙනෙක්ට අප්‍රමාණ සතුටක්. අර මම කලින් කිව්ව වගේ ඒක තමයි දෙන්න පුළුවන් ලොකුම තෑග්ග. ඇත්තටම ආදරේ කියන්නෙ මහ පුදුම හැඟීමක්. මහා වේදනාවන් ගොඩක් පපුවෙ තියාගෙන ආදරේ කරත්, තමන් ආදරේ කරන කෙනාගෙ දියුණුව, සතුට ඒ වේදනාවන්ට ලොකු අගයක් ගෙනත් දෙනවා. ඒත් අවාසනාවකට සමාජයේ ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඒ වේදනාවන්ට අගයක් එකතු කර ගන්න හැටි.
"කොහේ හෝ ඔබ හිඳී නම් සතුටින්
කොහේ හෝ ඔබ වෙසේ නම් නිදුකින්
මේ විසල් මිහි තලයේ
එය මගේ පැතුමයි මගේ සතුටයි..."
https://youtu.be/KY8HlULhOB0
මේ සිංදුව ජානක වික්‍රමසිංහ ගෙ. ලියල තියෙන්නෙ කුලරත්න ආරියවංශ. සංගීතය රෝහණ වීරසිංහ. ආදරේ කරන කෙනෙක්ගෙ සතුට තියෙන්නෙ ආදරේ කරන අනික් කෙනා සතුටින් නිදුකින් කොහේ හරි ඉන්නව කියල විශ්වාස හරි කරන්න පුලුවන් වෙන එක මතමනෙ. මෙහෙම හිතන්න පුළුවන් අය, ඒ කියන්නෙ ඇත්තටම ආදරේ කරන අය අඩු ඇති. ඒත් නැති වෙන්නනන් බෑ. මෙහෙම අයත් ඉන්නව. තමන්ට අහිමි වෙලා ගියත් තාමත් ආදරේ කරන තමන්ට ලඟට වෙලා දෙන්න බැරි රැකවරණය සතුට කොහොම හරි ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරන මිනිස්සු ඉන්නව. මේ සිංදු වල තියෙන විදිහට හිතන අය තාමත් ඉන්නව. ඒ අය තමන් ආදරේ නිසා විඳින වේදනාවලට අගයන් එකතු කර ගන්න ගමන් තමන්ගෙ ආදරේ තමන් ලඟ නැති අඩුව පුරවගන්නව කාටවත් කරදරයක් වෙන්නෙ නැති විදිහට...
ඉතින් ඔයාටත් කවුරු හරි කොහෙ හරි ඉඳන් ඇත්තටම ආදරේ කරනවනන්, සතුටින් පරිස්සමින්, ලස්සන ජීවිතයක් ගත කරන්න. එයාට, ඒ ආදරේ වෙනුවෙන් දෙන්න පුළුවන් හොඳම තෑග්ග තමයි, ඒ සතුටින් පරිස්සමින් ගත කරන ලස්සන ජීවිතේ.....
~දිනුෂ ජයසිංහ~

No comments:
Post a Comment