Saturday, February 29, 2020

කොළඹ 🖤

රොබරෝසි පිපෙන්නේ වැව රවුමෙ විතරමද
ටෙක්නිකල් හන්දියත් ලස්සනයි
වළා බැමි නැතුවාට කිරි සුදට බබලන්න
බේරෙ වැව ආදරෙන් අඬගහයි
හන්තානෙ සීතලට ගුලි වෙන්න පැතුවාට
ආදරේ පතන්නෙම උණුහුමයි
ආදරේ මැච් වෙන්නෙ නුවරටම විතරක් ද
කොළඹදිත් ආදරේ සුන්දරයි

Tuesday, February 25, 2020

අම්මෙක් කියන්නෙම        කඳුලු
දරුවෙක්ගෙ ජීවය ඒ         කඳුලු
උපදිනා හැටි ආදරෙන්       කඳුලු
පහදන්න තාත්තෙක්ටත් බැරිලු

Sunday, February 9, 2020

රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නිදි නොමැති රාත්‍රියක්
ඇයි දිග මේ තරම්
සිහිනයකවත් නුඹව දකිනට
නොහැකි වන තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නුඹට රිසි සේ පෙම් කරන්නටවත්
ඉඩ නොමැති ලෝකයක
පෙම් හැඟුම් හිර කරන්
හුස්ම වැටෙනා තත්පරෙත්
ඇයි දිග මේ තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නුඹ නමින්, නුඹට ඉපැදුණු ප්‍රේමයේ
උණුහුමින් නෙත උපන්
උණු කඳුලු හිර කරන්
සුසුම් නැගෙනා තත්පරෙත්
ඇයි දිග මේ තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

~දිනුෂ ජයසිංහ

Monday, February 3, 2020

එක් අඩක් ඔබ
ම'හැර ගිය දින සිට
ඔබව දුටු තැන්
ඔබ සිටිය තැන්
මඟ හැර සරමි
නොතේරෙන වේදනාවක්
විදුලියක් සේ
හද පසාරා දවන
ඉවසනු නොහැකි බැවින්.....

අහිමි වන දින
ඔබේ ආදරයේ ඉතිරි අර්ධයත්
මට මා අහිමිව
වේදනාවෙන් මියෙනු ඇත
මසිත සැම තැන
නිතර ඔබ
සැරිසරා ඇති බැවින්
මම මගේ සිත
මඟ හැර මියෙනු ඇත
විදුලියක් සේ
හද පසාරා දවන
වේදනාව
ඉවසනු නොහැකි බැවින්......