Sunday, February 9, 2020

රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නිදි නොමැති රාත්‍රියක්
ඇයි දිග මේ තරම්
සිහිනයකවත් නුඹව දකිනට
නොහැකි වන තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නුඹට රිසි සේ පෙම් කරන්නටවත්
ඉඩ නොමැති ලෝකයක
පෙම් හැඟුම් හිර කරන්
හුස්ම වැටෙනා තත්පරෙත්
ඇයි දිග මේ තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

නුඹ නමින්, නුඹට ඉපැදුණු ප්‍රේමයේ
උණුහුමින් නෙත උපන්
උණු කඳුලු හිර කරන්
සුසුම් නැගෙනා තත්පරෙත්
ඇයි දිග මේ තරම්
රාත්‍රිය, ඇයි දිග මේ තරම්

~දිනුෂ ජයසිංහ

No comments:

Post a Comment