Friday, September 28, 2018

ලීක් වෙච්ච ලින්ක් වගයක් තියෙනව, එවන්නද.....

ලීක් වෙච්ච ලින්ක් වගයක් තියෙනව, එවන්නද.....

වළාකුළු බැම්ම පහුකර
පක්ෂි වසුරුත් මගහැර
ඔබ මොබ යන අතර
කොනිත්තපු තැන්
තාමත් රිදෙනවද.....

ගුඩ්ෂෙඩ් එකේ කෙළවර
රතු පාට බස් එකක මුල්ලක
ගවුම් රැලි පොඩි වෙච්චි හවසක
හිරිකඩක්වත් නැතුවම
හිරිගඩු පිපුණු ලස්සන.....

කසුන් බණ්ඩාර සෙනෙවිරත්න
චාපා ගංගාදරී අබේනායක
අමතකව ගියාට
අමතක නෑ නේද
තුන් පාරක් බලපු
ආදරණීය වස්සානය.....

නොස්ටැල්ජීක සීතල මතක
ෆෝන් සීසී ටීව් නැතුවම
ලීක් වෙනව තාම ඉඳහිට.....
ඔයාටත් බලන්න
ලින්ක් එක මං එවන්නද....

දිනුෂ ජයසිංහ
2018.09.28

Thursday, September 27, 2018

බරපතල රිදවුම් ඉවසිය යුතුය

       බරපතල රිදවුම් ඉවසිය යුතුය
       -------------------------------------------

            විකල්ප නැති ආදරයක්
         ඒක මහ දරුණු දඬුවමක්
                  නිදහසක් නැති
        පෙනෙනතෙක් මානයකවත්

              ආදරය සිර දඬුවමක්

                ජීවිතාන්තය තෙක්
             බරපතල රිදවුම් සහිත
                     සිර දඬුවමක්
       
                   ~දිනුෂ ජයසිංහ~
                          2018.09.27

Thursday, September 20, 2018

පතොක් හදවත්


පතොක් හදවත්
 
හදවතක් සැනසීම පමණක්
කළ යුතුය තව හදවතක්
බැරිද ගේන්න නීතියක්
අන්න ඒ පක්ෂෙට
මේ පාර මගෙ ඡන්දයත්
 
කටු පිරුණු පතොක් හදවතක්
පණ ගැහෙන මුදු තෙත් හිතක්
කරන්නට හැකි වෙදදුරෙක් වෙද
සොයා දෙනවද
අනේ පිං ලොකු උදවුවක්
 
කටු ඇණෙනකොට දරා ගන්නට
ලේ පෙරෙනකොට හිනා වෙන්නට
දුක් නිවාලන ගීත පදයක්
කියා දෙනවද
ඒ මොකක්වත් බැරි උනත්.....
 

-දිනුෂ ජයසිංහ-

Tuesday, September 11, 2018

වේදනාව

 
 
 
පෝක් කෑල්ලක් කද්දි
දිව හැපුණ චුට්ටක්
අම්මෝ........!
රිදිච්ච තරමක්

හීන බොඳ කළ හැකියි, මෙහෙමත්

 
 
 
 
හීන බොඳ කළ හැකියි
මෙහෙමත්
_________________________
 
කවි නමින් හැංගුනේ
කවදත්
ඔබ නමින් හිතේ උන්
රහසක්
මිරිකමින් හීන කවි
දහසක්
හිනැහුණා නෙතු අගින්
දවසක්
 
ඔව්,

හීන බොඳ කළ හැකියි
මෙහෙමත්
 
 
~දිනුෂ ජයසිංහ~

Tuesday, August 21, 2018

කලුකුමාර මම වෙමි - හැර යා නොහැකි තැන ලියමි


ඔබ හිතේ නොකියාම'රක් ගත්
           උන් මරා මුත් උඹව රැක ගත්
           ලඟින් හිඳ සනසන්න බැරිමුත්
           මමයි කලුකුමරු තී දැනගන්

           ආදරය ලැබෙනවැ'ති
           ඉහටත් උඩින්
           තනිකමක් නැතුව ඇති
           කොහොමත් ඉතින්
           යක් මුහුණ දකිනු රිසි
           නැති මුත් නිතින්
           එළවන්නෙ හිතකින්ද
           කියපන් ඉතින්

Sunday, June 24, 2018

ප්‍රේමය කියන්නෙම ප්‍රේමයක්

අනියම් විය හැකිද
ප්‍රේමයක්
කොහොමටවත්

අසම්මත විය හැකිද
ප්‍රේමයක්
කවදාකවත්

තහනම් විය හැකිද
ප්‍රේමයක්
කිසිවෙකුටවත්

ප්‍රේමය කියන්නෙම
ප්‍රේමයක්
කවුරු කොහොම කිව්වත්

      - දිනුෂ ජයසිංහ
        2018.06.24

Friday, June 22, 2018

එබැවින් ඉවසමි

දවසක් ඒවි
තාත්තෙකුටත්
දූ අත අත හැර
බලා ඉන්නට
පසෙකින්.....

  2018.06.22

Sunday, June 10, 2018

නෙලුම් කුළුණෙන් වැටී මියගිය තරුණයා නොකී කව.....

නෙලුම් කුළුණෙන් වැටී මිය ගිය
තරුණයා නොකී කව...............
__________________________

අමුතුවෙන් වැටෙන්නෙ කොහෙටද
ඉපදෙනකොටම අපි
ගොඩක් පහලට වැටිලනෙ හිටියෙ

නෙලුම් කළුණුත් කුළුණුද
අපේ දුක් කුළුණුත් එක්ක බලනකොට
ඒව හරි පුංචි ගොඩනැගිලි

අපිට කවුද උඩට යන්න ලිෆ්ට් දුන්නෙ
හැමෝම කලේ මගක් ගෙනිහින්
බිමට අතෑරපු එකමනෙ

මල්වඩම් ලොකු තොරණ් මොකටද
අපි වගේ මියෑදුනු උන් නමින්
ජීවිතේ ගොඩ ගන්න දගලද්දි

     2018.06.10

Saturday, June 9, 2018

මල් පිරී ගෙමිදුලේ අඹ ගහ
සුදට හිනැහී බලනවා

එහා වත්තේ ජානකීගේ
පොඩි එකී අර අඩනවා

මට පේන්නම හිනැහෙමින්
නැපි මිරික මිරිකා වනනවා

බාල්කේ අර ලේන් කූඩුව
දකිද්දිත් දුක හිතෙනවා

ගෙඩි හැදන්නැති මල් පැපොල් ගහ
කපන්නත් මට හිතෙනවා.......

        දිනුෂ ජයසිංහ
        2018.06.09


Thursday, May 31, 2018

පහ - ඒ පංතියේ
උඹ හිටියෙ මට එහා පැත්තෙම
බංකුවේ
අද ඔයා බැංකුවේ
චෙක් එක ගෙවනකන්  ඉන්නලු මට
බංකුවේ

-දිනුෂ ජයසිංහ

Wednesday, May 30, 2018

ඔබ මගේමයි | You are mine


ඔබ මගේමයි

මට නොකීවට කම් නෑ
කෙසේ ඔබෙ දුක් තුනී කරම්ද
මා ඔබේ දැයි නොදන්නෙමි මා

නොකියා කෙලෙස හිදිම්ද
ඔබ දුකින් බැව් හිත කියනකොට
ඔබ මගේ බව සිතන්නෙමි මා

මා ඔබේ නොවුනට
තාමත්
ඔබ මගේමයි
වගේ පෙරදා.....


-දිනුෂ ජයසිංහ-
-2018.05.30-

Saturday, February 24, 2018

මතක

                           මතක

                හැම රෙද්දම අරන්
                 යන්නම ගිය එකේ
    මොන මගුලකට තියල ගියාද මන්ද
              මේ ඔක්කොම මතක

                                         - දිනුෂ ජයසිංහ

Thursday, February 22, 2018

“කූඹිච්චි”


කූඹිච්චි



අට වසරෙදි විතර ඉස්කෝලෙ යනකොට අහම්බෙන්  මට         හම්බෙච්චි

ඉරිද පංතියට ලස්සන ලස්සන ගවුම් ඇන්ද මල් මල්                         බෝරිච්චි

කැරලි කොන්ඩෙ වැඩිය දිග නැති යනකොට දෙපැත්තට             පැද්දෙච්චි

ඉඳල හිටල හිනාවෙනකොට මගෙ හිතත් හොඳටම                ගැස්සෙච්චි



කොල්ලො විහිළුවට කිව්වෙ ඒ කාලෙ ඔයාට ලස්සන                        කූඹිච්චි

දහයෙ පංතියෙදි මං උන්ට බැන්නෙ, කට වහන් ඉදපන් ඒ මගේ   කූඹිච්චි

උන්ට බැන්නට උඹ මගේ වග උඹට කියන්නට                                   බැරිවෙච්චි

ඕ ලෙවල් ලියුවැයින් පස්සෙ උඹ ගැන ආරංචියක්වත්                    නැතිවෙච්චි



කාලෙකින් දැක්කෙත් නෑනෙ, ලඟට එනකන්ම අදුරගන්නත්     බැරිවෙච්චි
අතේ එල්ලිල හිටියෙ දූ නේද? අනේ උඹ වගේමයි "මගෙ"                     කූඹිච්චි

Monday, January 22, 2018

එන්න හිතුනොත් එන්න

එන්න
හිතුනොත්
ආයෙත්

එන්න
නොහිතාම
දෙවරක්

දුක
සතුට
සේරම
අහන්නන්

ඉස්සර
වගේම

බිදක්වත්
දුක 
නොහිතෙන්න
හදන්නන් 
හිත
තිස්සෙම

ඕනෙම
වෙලාවෙදි
මට

මගෙ
ලග
හිටියෙ
නැතුවට

තරහ 
නෑ
මම

එන්න
හිතුනොත්
එන්න
ආයෙම

බලාගන්නන්
ඉස්සර
වාගෙම


Monday, January 15, 2018

තනිය

ඔහොම ඉන්න එපා
ඇබ්බැහි වේවි මේ තනියට
එහෙම වෙච්චි දවසට
දුක හිතේවි ඔයාටත් හොදටම

ගොඩක් හීතල අද වගේ දවසක
මතකද ඇහුව තුරුල් වෙන්නද
දෙතොල් වලටත් රහක් ඇති වග
ඉගෙනගත්තෙත් හීතල හවසක

Saturday, January 13, 2018

ආදරය



එදත් මට තිබුණෙ
ඉවසන්න ඩිංගක්

එහෙනන් තාමත්

ආදරේ කරනව
අල්ලන්නෙ නැතුවම
අතින්වත්

Tuesday, January 9, 2018

මෙහෙමම ඉන්නම්


ඔය හිනාව ඔහොමම තියේනම්
මම හැමදාම මෙහෙමම ඉන්නම්

                                                                                          

Monday, January 8, 2018

මරණය අභියස

මරණය අභියස

පෙම් කරමි
මලකට
බාදුරා


Sunday, January 7, 2018

සංහිඳියාව

සුරුවම ගාවින්ම
චූට්ටක් එහා පැත්තෙන්
අපිත් හදමුද
ඒකට ටිකක් ලොකුවෙන්
අමරෙ මල්ලි දෙන්නන්
කිව්වා ඉස්පීකරෙත්
හැමෝටම "සෙත්"වෙන්න
දාමු ඒකත් හයියෙන්



මතක

මේ මතක මහ කරුමයක්
තිස්සේම ඇහැරවන
මේ හැගුම් මහ වදයක්
හීනෙනුත් බය කරන
මේ ගෙවෙන්නෙම හීනයක්
ඇහැරුනත් නිම නොවෙන
මේ වචන මහ විහිලුවක්
ඔයාටත් හිනා එන

Friday, January 5, 2018

යුනිකෝඩ්

මම මාර නිදිමතයෙක්
පුටු උඩ මේස උඩ නින්ද යන
ඒත් මේ රෑ ඇහැරගෙන
කිසි අරමුණක් නැතුවම

ඉස්සරනන් ඔයා හිටියා
නින්ද ගියාම සැර කරල ඇහැරවන්න
අද මං විතරයි කවුරුවත් නෑ
මට බැනල මාව නිදිකරවන්න

ඉතිං මක්කරන්නද, ඇහැරගෙන ඉන්නකොට
යුනිකෝඩ් නාස්ති වෙනව මාත් දන්නෙ නැතුවම


Thursday, January 4, 2018

ගිහින් නුබ ගොඩක් දුර

මාත් ආසයි අදුරු ගොම්මනේ
අත් අල්ලගෙන ඔහේ ඇවිදින්න

නිවි නිවී පත්තු වෙන පහන් කණුවක් යටදි
ගොඩක් ආදරේ වග කණට කර කොදුරන්න

ජීවිතේ නොතේරෙන චූටි දරුවෙක් වගේ
හිතට එන හැමදේම කියවන්න

ගොලු වතින් සියලු දේ අහන් ඉද අන්තිමේ
"මැට්ටා", හරි ආදරෙන් ඔය මුවින් අහ ගන්න

ඒත් මට මං ගැනම පවු කියා හිතෙන්නම
ගිහින් නුබ ගොඩක් දුර මා දමා "මගෙ" මැණික