සොඳුරු සිතුවිලි....by Dinusha Jayasinghe
Sunday, March 17, 2019
හිස් නොමැති හිස් රඟහලක
රඟහල සිසාරා බැලීමි
ඔබම මිස කිසිවෙකුත් නොදිටිමි
නොහඬා හඬන ඇස්
නොදකින්නට නොබැලීමි
හිස් නොමැති හිස් රඟහලක
රඟපෑමි
හිස් රඟහලක වෙහෙසකර රංගනය
නිමාකලහැකි දෙබසක්
පිටපතේ නොතිබෙන්න ඇති
රඟහල හිස් වුව
රංගය නවතනු නොහැක!
No comments:
Post a Comment
Newer Post
Older Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment