Saturday, October 26, 2019

පෙරුම් නොපුරමි

හිස නුඹ මත හොවා
සැනසෙන්නට සැතපෙන්නට
පෙරුම් නොපුරමි
සවන් නුඹ කුස යොමා
කළලයක පෙරළි විඳිනට
පෙරුම් නොපුරමි
පපුතුරේ නුඹෙ මුව හොවා
හිස පිරිමැද සනසන්නට
පෙරුම් නොපුරමි
මුදු රෝස දෙතොල් පෙති
සිසිලසින් සනසන්න රිදවන්න
පෙරුම් නොපුරමි

නුඹ පේන මානයේ හඬ ඇසෙන මානයේ
රැදෙන්නට පමණක්ම
පෙරුම් පුරමි.......

No comments:

Post a Comment