එහෙම කොහොමද ඉන්නෙ කියනවද?
මං විතරක්ම ආදරේ කළා උනත්
මට ඔයා ආදරේ නැතිම උනත්
ප්‍රතික්ෂේප කරන තැනම ආදරේ වැඩි වෙද්දි
ප්‍රතික්ෂේප කර'නෙකටමත් ආදරේ වෙද්දි
ඔයා එහෙම කරනව කියල තේරෙද්දි තේරෙද්දි
ප්‍රතික්ෂේප කරනව කියන්නෙම ඔයා කියල හිතෙද්දි
ආදරේ වැඩිවෙනව කියල තේරෙන්නෙම නැද්ද
ඔයාගෙන් වැඩිපුරම මට හම්බුනේ ඔය ප්‍රතික්ෂේප කිරිල්ලම තමයි මැණික
ඕක මට පුරුදුයි, දරන්න අමාරු උනත් දැන් හොඳට පුරුදුයි
මං ඒකට ආදරෙයි, ඒ කියන්නෙ ඔයාට මං ආදරෙයි
යන්න හදන අය පස්සෙන් ගිය පුරුද්දක් මට නෑ
ඒත් ඔයා හරි වෙනස්,
ඒ ආදරේ වෙනස්, බලා ගන්න හැටි වෙනස්, ප්‍රතික්ෂේප කරන හැටි වෙනස්, පපුව අස්සට රිංගපු හැටි වෙනස්
ඉතිං, ඔයාට යන්න පුලුවන් උනාට මට යන්න ඇරල බලං ඉන්න බෑ මැණික
මැරිල යයි