Tuesday, August 31, 2021

ආදරය පැවසූ සිතක් 

දකිනු නොහැකිව බෝ කලක්

ඉවසාන ඉන්නම් ඉතින්

නුඹ තුටින් ඉන්නවා නම්


ආදරයෙ තේරුම කුමක්දැයි

ඇසූවොත් නුඹ මගෙන් කිසි දින

නිපැකිලව පවසමි නුඹට මම


ආදරය නම්,

"නුඹෙ සිනාමුව දකිනු රිසියෙන්, සිතේ ඇති වූ හැඟීමයි!"

Monday, August 9, 2021

බිය නොවනු කුමරිය

මා නුඹට ආදරය පමණක්ම කරමි

අතීතය පමණක් සිහි කරමි

නුඹ මා දොඩමළු වූ අතීතය පමණක් සිහි කරමි

අතීතය වර්තමානයට ගෙන නොඑමි

නුඹ බියපත් නොකරමි

ආදරය පමණක්ම කරමි

ඒ ආදරය සමඟ ජීවත් වෙමි, මියෙමි, සිත් රිදුම් ඉවසමි

Saturday, August 7, 2021

ආයාසයෙන් නොලියා සිටිනු නොහැක

හිතේ නලියා දුක වචන වී පනිනු කොට

මගේ ආදරිය ආයෙත් මා ලඟ කියා

උදම් අනනට හිතුනත් එසේ නොකරමි දන්නා නිසා ඇගේ වග

හුදකලා මොහොතක තනි රැක්ක වචන

අත හැර නොයමි නුඹයි රැක්කේ මගේ ජීවය

එබැවින් ලියමි, ආයෙ ආයෙත් ලියමි

ඈ ගිය දිනක, නුඹ තනියට සිටිය යුතුය

Wednesday, August 4, 2021

ආදර හිතක් රිදවා බිඳවා

පතන ප්‍රීතිය එලෙසම ලැබේවා

පසුතැවිල්ලක් ඉතිරි වුව

නුඹට කිසිදා එලෙසින් නොවේවා

ඔයත් හරියට අර මැටිල්ඩගෙ අස්සයා වගේ


දහසකුත් එකක් බලාපොරොත්තු දීල

මුල් ටික හොඳටම පැනගෙන ඇවිත්

ඒ බලාපොරොත්තු තව වැඩි කරල

හිතුවෙවත් නැති විදිහට

හිතුවෙවත් නැති තැනකින්

මහා ලොකු හේතුවකුත් නැතිවම

පනින්නෙ නැතිව ආපහු හැරිච්ච හැටි


මොකෝ මැටිල්ඩ අස්සයට ආදරේ නැතුවද

සලකල නැතුවද

පරිස්සන් කරල නැතුවද

කන්න බොන්න දීල නැතුවද

අස්සය දක්ෂ නැතුවද


ඒත්,


ජස්ට් එලිමිනේටඩ්


සෝ සෑඩ් .... අස්සයෝ

ඒ වචන දෝංකාර දෙනවා

කාමරේ බිත්ති වල වැදි වැදී

ආයෙ ආයෙම වද දෙනවා

මගෙ සුදු මැණික කියාගෙන

ආදරේකින් මටවත් නොතේරෙන

පරිස්සන් කරපු මට 

ඒ වචන ටික වද දෙනවා මගෙ මැණික

Tuesday, August 3, 2021

සමහර ප්‍රේමයන්

හරි අපූරුයි පුදුමයි

ආදරෙන් වෙලී විත්

මගින් අත හැර පළායයි

සොයා දිව එද්දී

හැංගි හැංගී මග හරියි

කතාවක් වත් නෑසෙන්න

දොරගුළු දමා සැඟවෙයි


ඒත් හරි පුදුමයි


දොස්කියන්නට විතරක්

මගේ අංකය මතකයි

මග බලා හිඳීමම

ප්‍රේමයක් නොවේද

වේදනාබර මතකය

තනි රකිද්දී

නුඹ එතැයි සිතමින්

හඬමින්

මග බලා සිටීමම

ප්‍රෙමයක් නොවේද

Monday, August 2, 2021

මා ආදරය විඳ ඇත්තේ නුඹේ වචන තුළය

ස්පර්ශයක් පවා නොමැතිව

ආදරය ඒ තරම් දනවන්නෙ කෙසේ දැයි මා නොදනිමි මා නොඅසමි

නුඹ මා සිත විනිවිද ගොස් කියවන්නීය

කියවා මා අමතන්නීය

අමතා මා සනසන්නීය

ඒ ඇමතුම් මිහිරි ගීතයක් බඳුය

මිහිරිම මිහිරි ප්‍රේම ගීතයක් බඳුය

එවැනි ප්‍රේමයක් ඇත් හැරිය නොහැක

අත හැරීමට ලෝබය

අත හැර වෙනත් ජීවිතයක් ගැන සිතන්නටවත් නොහැක

නුඹ+මා=අපි=❤

අපි ආදරේ කර මිනිස්සු හරිම පුදුමාකාරයි. සම්බන්ධතා බිඳලා දාල අයින් වෙලා යන හැටි! ඉස්සර කතාවක් නවත්ත ගන්න බැරුව දෙන්නට දෙන්න බායි බායි කිය කිය ගොඩාක් වෙලා හිනා වෙවී කතා කරපු අයම අද එකපාර කතාව නවත්තලා බ්ලොක් කරලම දාන ගානට වෙනස් වෙලා, ජීවිතේ හැඟීම් සමුදායක් බෙදා ගත්ත අය, අද එයාලගෙ ජීවිත තනියමම විඳිද්දි, ආදරේ කරන කෙනා එයාගෙ ජීවිතේ තනියමම විඳවනවා. ජීවිතේ විඳින එක වැරැද්දක් නෙවේ. ඒක තමා ආදරේ කරන මනුස්සයෙක්ට තියෙන එකම සතුට. ඒත් මේ විදිහට ඒ සතුට බලන්නවත් නැති වෙන්න රෙස්ට්‍රික්ට් කරල දාල බලාපොරොත්තු වෙන සතුට සැනසුම මොකද්ද? අනික් මිනිහා මැරෙන්න විඳවද්දි එහෙම ඉන්නෙ කොහොමද? ආදර කතාවල් සදාකාලිකයි නේද? ඒවා එහෙම නතර කරල දාන්න බෑ නේද? ආදරේ කියන්නෙ මොකද්ද කියල කියල දුන්න පාඩමේ ඉතුරු කෑල්ලද මේ වේදනාව. ඒ පාඩම් කොටසද මේ කියල දෙන්නෙ. මම ආස නෑ ඒ කොටස ඉගෙන ගන්න. මම ඒ පාඩමට ඉන්නෙ නෑ. පන්තිය කට් කරල පැනල යනවා. ඒත් පැනල යන්න බැරි විදිහට හිර කරල අල්ලගෙන ජීවිතය විනාශ වෙන මට්ටමේ පාඩමක් කියල දෙන්න මොකද්ද තියෙන අයිතිය. මම ආදරේ කරපු එකද? මට මොහොතක් හරි ආදරේ දුන්න එකද? ඒ දුන්න ආදරේට හිලව් වෙන්න මාව නැත්තටම නැති කරල, මානසිකව වට්ටන එක හරිද? මානසිකව විතරක් නෙවේ මේ යන විදිහට මනුස්සයෙක්ට කායිකවත් සෑහෙන්න දුර්වල වෙයි. වැහැරුණු හකු බැහැපු කිසිම ලස්සනක් නැති මනුස්සයෙක්, තමන් ආදරේ කරපු කෙනෙක්, තමට ආදරේ කරන කෙනෙක්, වැරදීමකින් හරි පාරෙදිවත් හම්බුනොත් පට්ට සතුටක් දැනෙයිද? මට ආදරේ කරල මූ නැත්තටම නැති වෙලා කියල පට්ට ආඩම්බරයක් දැනෙයිද, මම මාර පොරක් කියල හිතෙයිද? ඔව් ඔයා පොරක් තමයි. මට ආදරේ කියන්නෙ මොකද්ද?, මනුස්සයෙක්ට දැනෙන්න ආදරේ කරන්නෙ කොහොමද කියල කියල දුන්න ඔයා පට්ට පොරක් තමයි. හිත හයිය කරගෙන අනික් මනුස්සයට මොනා වුනත් කමක් නෑ කියල අහක බලන් ඉන්න පුලුවන් කමම මාර වැඩක්. මටනන් බෑ එහෙම කවදාවත්. ගෙදර යනකන් පාරවල් ගානෙ දෙය්යන්ට කිය කිය බයෙන් බලාගෙන හිටපු මට, අනේ මම ගෙදර ගියාද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල ලැජ්ජාවක් නැතුව ඉල්ලන ගානට පත් කරපු ඔයා මටනන් මාර පොරක්.

You are the whole world of mine. I can't think of a life without you. The life feels so misserable when I am restricted to here from you. My world was before you even knew that I existed.

My eyes were once not bleached white. My skin was once not translucent. My soul was once not unique, you are my companion. I do not wish to leave, I can't. I can't.

I can't... The breath takes me. The heart is restored. All my thoughts are happily yours. You are the light that consumes the dark, and I am not lonely

As for myself, I am struggling with all the difficulties, I just want a person to listen to me, to be there for me, to let me know that everything is going to be alright, just like my dog doensn't mind that I put his bed outside in the cold snow because he knows that my love for him will never be diminished. You are the only girl that I could share my thoughts freely. You are the only girl I could let in my heart. You are the only girl I could share my memories with. You are the only girl I could let in my thoughts... 

Please don't go. 

The feelings I have for you, I can't put into words, I am screaming inside and I don't know how to say anything. Please don't go.

Please stay.

I don't know how I would survive without you...


❤️