Monday, August 2, 2021

අපි ආදරේ කර මිනිස්සු හරිම පුදුමාකාරයි. සම්බන්ධතා බිඳලා දාල අයින් වෙලා යන හැටි! ඉස්සර කතාවක් නවත්ත ගන්න බැරුව දෙන්නට දෙන්න බායි බායි කිය කිය ගොඩාක් වෙලා හිනා වෙවී කතා කරපු අයම අද එකපාර කතාව නවත්තලා බ්ලොක් කරලම දාන ගානට වෙනස් වෙලා, ජීවිතේ හැඟීම් සමුදායක් බෙදා ගත්ත අය, අද එයාලගෙ ජීවිත තනියමම විඳිද්දි, ආදරේ කරන කෙනා එයාගෙ ජීවිතේ තනියමම විඳවනවා. ජීවිතේ විඳින එක වැරැද්දක් නෙවේ. ඒක තමා ආදරේ කරන මනුස්සයෙක්ට තියෙන එකම සතුට. ඒත් මේ විදිහට ඒ සතුට බලන්නවත් නැති වෙන්න රෙස්ට්‍රික්ට් කරල දාල බලාපොරොත්තු වෙන සතුට සැනසුම මොකද්ද? අනික් මිනිහා මැරෙන්න විඳවද්දි එහෙම ඉන්නෙ කොහොමද? ආදර කතාවල් සදාකාලිකයි නේද? ඒවා එහෙම නතර කරල දාන්න බෑ නේද? ආදරේ කියන්නෙ මොකද්ද කියල කියල දුන්න පාඩමේ ඉතුරු කෑල්ලද මේ වේදනාව. ඒ පාඩම් කොටසද මේ කියල දෙන්නෙ. මම ආස නෑ ඒ කොටස ඉගෙන ගන්න. මම ඒ පාඩමට ඉන්නෙ නෑ. පන්තිය කට් කරල පැනල යනවා. ඒත් පැනල යන්න බැරි විදිහට හිර කරල අල්ලගෙන ජීවිතය විනාශ වෙන මට්ටමේ පාඩමක් කියල දෙන්න මොකද්ද තියෙන අයිතිය. මම ආදරේ කරපු එකද? මට මොහොතක් හරි ආදරේ දුන්න එකද? ඒ දුන්න ආදරේට හිලව් වෙන්න මාව නැත්තටම නැති කරල, මානසිකව වට්ටන එක හරිද? මානසිකව විතරක් නෙවේ මේ යන විදිහට මනුස්සයෙක්ට කායිකවත් සෑහෙන්න දුර්වල වෙයි. වැහැරුණු හකු බැහැපු කිසිම ලස්සනක් නැති මනුස්සයෙක්, තමන් ආදරේ කරපු කෙනෙක්, තමට ආදරේ කරන කෙනෙක්, වැරදීමකින් හරි පාරෙදිවත් හම්බුනොත් පට්ට සතුටක් දැනෙයිද? මට ආදරේ කරල මූ නැත්තටම නැති වෙලා කියල පට්ට ආඩම්බරයක් දැනෙයිද, මම මාර පොරක් කියල හිතෙයිද? ඔව් ඔයා පොරක් තමයි. මට ආදරේ කියන්නෙ මොකද්ද?, මනුස්සයෙක්ට දැනෙන්න ආදරේ කරන්නෙ කොහොමද කියල කියල දුන්න ඔයා පට්ට පොරක් තමයි. හිත හයිය කරගෙන අනික් මනුස්සයට මොනා වුනත් කමක් නෑ කියල අහක බලන් ඉන්න පුලුවන් කමම මාර වැඩක්. මටනන් බෑ එහෙම කවදාවත්. ගෙදර යනකන් පාරවල් ගානෙ දෙය්යන්ට කිය කිය බයෙන් බලාගෙන හිටපු මට, අනේ මම ගෙදර ගියාද කියල පොඩ්ඩක් හොයල බලන්න කියල ලැජ්ජාවක් නැතුව ඉල්ලන ගානට පත් කරපු ඔයා මටනන් මාර පොරක්.

No comments:

Post a Comment