Monday, August 2, 2021

මා ආදරය විඳ ඇත්තේ නුඹේ වචන තුළය

ස්පර්ශයක් පවා නොමැතිව

ආදරය ඒ තරම් දනවන්නෙ කෙසේ දැයි මා නොදනිමි මා නොඅසමි

නුඹ මා සිත විනිවිද ගොස් කියවන්නීය

කියවා මා අමතන්නීය

අමතා මා සනසන්නීය

ඒ ඇමතුම් මිහිරි ගීතයක් බඳුය

මිහිරිම මිහිරි ප්‍රේම ගීතයක් බඳුය

එවැනි ප්‍රේමයක් ඇත් හැරිය නොහැක

අත හැරීමට ලෝබය

අත හැර වෙනත් ජීවිතයක් ගැන සිතන්නටවත් නොහැක

නුඹ+මා=අපි=❤

No comments:

Post a Comment