Wednesday, November 10, 2021

ලංවෙන්නවත් නොහැකි ගිරි ශිඛර මත දුර ඈත

දම් පාට මල් පිපෙනවා නොහැකි මුත් විඳගන්න ඒ සුවඳ

රොන් සොයා ඉගිල එනවට වඩා හති වැටෙන දිගු ගමනක

දුරින් ඒ මල දකින එක තමයි මටනන් ලස්සන


අත පොවන්නට දුර උනත් ඇයි මගේ කර ගන්නට බැරි

දුර තැනක නොපෙනෙන්න ඉඳ රුව දකින එක මට රිසි

නොදුටු සේ වෙනතක් බලා නුඹ ඉන්න විට හැඩ වැඩි

ඈත පිපුනට කමක් නෑ, ලස්සනම මල නුඹ මගෙ

Tuesday, November 9, 2021

කුමට පබඳිම්ද කව් පද

නුඹේ රුව කවියක්ය ඉතිරෙන කව් රස

උපමා අවැසි කුමටද

මෙතෙක් දුටු සුන්දරම රුව නුඹ කොට

මදක් හිස මිදුනට

බැන්ද රන් කෙහෙරැලි ලෙලෙන විට

ඇසිපිය හෙලන්නට

නුඹ දන්නවද, අමතකව යන අරුමය 

වදනක සොඳුරු බව

නිවන'යුරු අරුමයක්මැයි මා සිත

Monday, November 1, 2021

සමහර කවි නොලියවෙන හවස්

තමයි ආදරේ පිරුණුම දවස්

නුඹ ගැනම සිතමින් වෙහෙසුනා මිසක්

පද පෙළක් ගලපන්න තිබුණ නෑ ඉඩක්