Tuesday, November 9, 2021

කුමට පබඳිම්ද කව් පද

නුඹේ රුව කවියක්ය ඉතිරෙන කව් රස

උපමා අවැසි කුමටද

මෙතෙක් දුටු සුන්දරම රුව නුඹ කොට

මදක් හිස මිදුනට

බැන්ද රන් කෙහෙරැලි ලෙලෙන විට

ඇසිපිය හෙලන්නට

නුඹ දන්නවද, අමතකව යන අරුමය 

වදනක සොඳුරු බව

නිවන'යුරු අරුමයක්මැයි මා සිත

No comments:

Post a Comment