Sunday, April 24, 2016

ඔබටත් දැනේවි


මගේ හිත ඔබ ගන්න ටිකකට
ඔබේ හිත නපුරු මට දෙන්න බිඳකට
රිදෙන හැටි හිත දැනේවි ඔබටත්
ඉන්න හැටි ඉවසන් වැටහේවි මටත්
ඔබේ ඇස් මට දෙන්න ටිකකට
මගේ ඇස් ඔබ ගන්න බිඳකට
ඔබ දකිනු රිසි නෙත් හඬන හැටි දැනේවි ඔබටත්
කඳුලු සඟවා සිනාසෙන හැටි වැටහේවි මටත්
මගේ දෙසවන ඔබ ගන්න ටිකකට
ඔබේ දෙසවන මට දෙන්න බිඳකට
හඬවන සනසන වදන් ඉවසන හැටි වැටහේවි ඔබටත්
මගෙ හැඳුම් ඉවසන හැටි දැනේවි මටත්....

No comments:

Post a Comment