Thursday, August 17, 2017

නොපෙනෙනා තැනක ඉඳ දකින්නට ඇත්නම්......

මුලු ලොවට හොරෙන් ලංවී
සිප ගන්න ඇත්නම්.....
දෙතොල් රෝස පෙති රිදේදෝ බයයි

ලොවට නොපෙනෙන තැනක හමුවී
දොඩන්නට ඇත්නම්......
රළු වදන් ඔබ සවන් රිදවාවිදෝ බයයි

ලොවට රහසේ එක් කල මතක
මුමුණමින් හිනැහෙන්න ඇත්නම්.....
ඒ මතක ඔබේ සිත හඬවාවිදෝ බයයි

ඔබටත් නොපෙනෙනා තැනක ඉඳ
ඔබ දකින්නට ඇත්නම්.....
ඒ දසුන් ඇති මට - තවත් දවසක දකිනකන්
ඒ මතක ඇති මට - මතු සසරෙ ඔබ ලැබෙනකන්

දිනුෂ
2017.08.17

No comments:

Post a Comment