Monday, December 11, 2017

හිතෙන්නැති හැටි එහෙම.....

මට තිබුණෙ හැමදාම
මගෙ සතුට පමණක්ම
බෝ සමිදු ලඟ වැටී
ඉල්ලන්න.....

ඒ උනත් ඉල්ලුවේ
ඔබෙ සතුට පමණක්ම
බිඳක්වත් අඩු නොකර
මට දෙන්න.....

ඔබෙ සතුට නොඉල්ලා
මගෙ සතුට පැතීනම්
අදත් මම සතුටින්
ඔබ දුකින් හිටියාට.....

ඒත් කවදාකවත්
හිතෙන්නැති හැටි එහෙම.....

No comments:

Post a Comment