“සුන්දර” ඉරිදා
එකම එක අඹ ගහයි
- ඇත්තෙ මුළු
වත්තටම
කෑ ගසා ඉකි බිඳින
- පොඩි එකෙක්
නැති කිරට
සුදු පරෙවි ජෝඩුවක්
- වහල උඩ පෙම්
කෙළින
ඇන්ටනා කණු පෙනේ
- නැතුවාට ගස්
බෝම
ෆෑන් එක චිචිරි චිරි
- හඬ නගන
තිස්සේම
කෙට්ටු පඬි හැලී ගිය -
බැළලියක් නිදි
සැපට
පයිප්පය ලඟ ගෑණු
- පොරකමින් දිය
බිඳට
කොලොම්පුර “සිරි” දකින - මගෙ දෑස් “පිංකාර”වැඩ නොමැති ඉරු දිනෙක - කොළඹ බෝඩිං දිවිය
දිනුෂ ජයසිංහ
2009.04.02
No comments:
Post a Comment