Monday, August 12, 2019

අපි දුකෙන් ඉමු

පපුව ඇතුලෙ
මොකද්දෝ හිරවෙලා වගේ
නොතිබ්බානං
ඇත්තමයි මැණික
මට නුඹ ගැන
නොහිතා ඉන්න තිබුණා
ආදරේ නොකර ඉන්න තිබුණා
මෙච්චර වද නොවී ඉන්න තිබුණා
නුඹටත් සතුටින් ඉන්න තිබුණා

Sunday, August 11, 2019

රිදෙන්නේ උඹ ඉන්න තැන

ආදරය යනු සතුටම ද
සතුට ආදරයම ද
දුක දැනෙන වරායක් පාසා
ආදරය ලියලා වැඩුණු හැටි
අමතකම වීද
අඬ අඬා ආදරය කරන එක
පුරුදු වෙලා මැණික
මේ රිදෙන්නේ පපුවේ
උඹ ඉන්න තැන
වෙන්න ඇති නේද

Wednesday, August 7, 2019

ප්‍රදීපාගාරයක් වෙන්නන්.....

ගල් පර අතරින් කිසිම දා
නුඹ නොඑන බව දැන දැනත්
ගල් පර අතර සිර නොවී
යන්න මඟ කියා දෙන්නන්
නොපෙනී නුඹ යන තුරා
නොසැලී බලා ඉන්නම්
යළිත් දකිනු රිසියෙන්
මඟ එළි දල්වා බලා ඉන්නම්
නොපෙනී නුඹ යන තුරා
නොසැලී බලා ඉන්නම්
මඟ කියා දෙන ප්‍රදීපාගාරයක් වෙන්නන්

Thursday, August 1, 2019

කවදාහරි දවසක
පොතක් වුනොතින් මේ පැදි
තියේවි හිස් පිටක්‌
නොලියූ කිසිත්
එයයි පිදුම - ඒ නුඹේ නමටයි