Thursday, October 29, 2020
Wednesday, October 28, 2020
Monday, October 26, 2020
Tuesday, October 20, 2020
නුඹ සුව නින්දක
මා මතක අතර ගමනක
මල් ඵල දැරූ උද්‍යානයක් අසබඩ
ගිමන් හරින නිමේෂයක
මල් ඵල කිමද රහසින් කීවා
ගිණියම් වාලුකා කතරක
පය දැවි දැවී යන'තර
වේදනාව සුවයක් බව කෑගසා කීවා
හීන් මල් වැසි යටින් ජීවිතය සොයන විට
ජීවිතය මා (නොවන) බැව්
(නො)දැනෙන්න (නො)රිදෙන්න කීවා
හසුව සැඩ මාරුතයකට
පාවී පාවී එක්වර
සිහිනයෙන් සැනින් මිදුනා
නුඹට සුබ සිහින පැතුවා
Thursday, October 1, 2020
ඉඳහිට හෝ පැමිණ
මගේ දුක රසවිඳ
සමච්චල් සිනාවක් පා
යන බැව් දනිමි
එබැවින් ලියමි
අවැසි වූ සේම
නුඹට, අන් අයට
අසීමිත වේදනාවෙන්
නොහඬා හඬමි
කඳුලු සඟවමි
නුඹ නොමැති ඉසව්වක
මා නොමළ මළමිණියකි
මා නොමැති ඉසව්වක
නුඹ නිදහස් කිරිල්ලකි
අගුලු ලන හේතුව දනිමි
නැවත නැවතත් කියමි
දුකින් පමණක් ලියමි
නුඹෙ සතුටම පතමි
ඒ වෙනුවෙන් ලියමි
ඉතින් හිනැහෙන්න මා දුකිනි.....
Subscribe to:
Posts (Atom)