Thursday, October 1, 2020

ඉඳහිට හෝ පැමිණ

මගේ දුක රසවිඳ 

සමච්චල් සිනාවක් පා

යන බැව් දනිමි

එබැවින් ලියමි


අවැසි වූ සේම

නුඹට, අන් අයට

අසීමිත වේදනාවෙන්

නොහඬා හඬමි

කඳුලු සඟවමි


නුඹ නොමැති ඉසව්වක

මා නොමළ මළමිණියකි

මා නොමැති ඉසව්වක

නුඹ නිදහස් කිරිල්ලකි

අගුලු ලන හේතුව දනිමි


නැවත නැවතත් කියමි

දුකින් පමණක් ලියමි

නුඹෙ සතුටම පතමි

ඒ වෙනුවෙන් ලියමි

ඉතින් හිනැහෙන්න මා දුකිනි.....

No comments:

Post a Comment