මිනිස්සු නිහඬව ඉන්නෙ එහෙම ඉන්න එක මරු හින්ද කියල හිතනව නේද
ඒත් ඒ නිහඬතාවය කියන්නෙ කොච්චර වේදනාවක්ද කියල කාටවත් තේරෙන්නෙ නෑ
කවදාවත් එහෙම තත්ත්වයකට පත් වෙන්නත් එපා
හිතේ කිසිම තෙතමනයක් නැති මනුස්සයෙක්ටවත් ඔහොම ඉන්න බෑ
ඔයා ජීවිතේ වැඩියෙන්ම කතා කරල තියෙන කෙනා එක්ක, තමන්ට ඕනෙ දෙයක් බය නැතිව කියන්න පුලුවන් විස්වාසවන්තයා එක්ක, මම මේක මෙහෙම කරාට කමක් නැද්ද කියල අහල උපදෙසක් ගන්න පුලුවන් කෙනත් එක්ක, කියන වචනෙකින් දෙකකින් ඕනෙ ප්‍රශ්නයක් අමතක වෙලා යන කෙනත් එක්ක කිසිම සම්බන්ධයක් තියාගන්න බැරි පාලු දූපතක කවද හරි තනිවෙන්න උනොත්........ඒකත් හරියට මේ වගේම ඇති.......
දිනූෂ ...... .....
+ මොකද්ද ආදරේ කියන්නෙ?
- මේකට
+ ආදරේ කියන්නෙ ගවුන් අරන් දෙන එකද?
- නෑ.....හැම තිස්සෙම ඔයා වෙනුවෙන් මොනා හරි දෙයක් කරන්න ඕනෙ කියල හිතෙන එකට.....හැම තිස්සෙම ඔයාව මතක් වෙන එකට.....හැම තිස්සෙම ඔයාව ආරක්ෂාකරන්න ඕනෙ කියල හිතෙන එකට.....කවුරු හරි ඔයාට ලං වෙන්න හැදුවොත්, ඊරිසියාවක්.....තරහක්.....ඇතිවෙන එකට.....
~ගිරිදේවී