හමන සුළඟට පවා හිනැහී
ඔබේ වගතුග නිතර විමසමි
අතින් අල්ලා ගත්ත තැන්වල
තුටින් ඇති බව සිතා සැනසෙමි
හරිම තොරතුරු නොලද දවසට
සියක් සෙත් කවි සෙමින් මුමුණමි
බොහෝ බැතිබර පෙමක අනුහස්
තියෙන බව හදවතින් අදහමි
හිස්ව හදවත ගිලන් මොහොතට
හිතින් ඔබ තව තදින් අල්ලමි
ඔබ මගේ මුළු ජීවිතේ බව
පුංචි කවියක ලියා සඟවමි
___ශාමිලා හුසේන්___
No comments:
Post a Comment