Sunday, May 5, 2019

ඉතින් එතකොට

කඳුලු පුරුදු වෙද්දෙන්
බොරු කරන්න
ඕනෙම වෙලාවටවත්
නෑවිදින් නවතින්න
හිනාවක් ඇතුලෙ
මුවා වී හැංගෙන්න

ඉතින් එතකොට

ගනන් නොගෙනම ඉද්දි
පුලුවන් හිනැහෙන්න
ගොළු වෙලා හැංගෙද්දි
සතුටින් ඉපිළෙන්න
නොකියාම හැරයද්දි
පැත්තවත් නොබලන්න

ඉතින්

කඳුලු පුරුදු වෙද්දෙන්
බොරුම කරන්න
මටත් පුලුවන් එතකොට
බොරුවට හිනැහෙන්න
සතුටින් ඉපිලෙන්න
යන්නම යන්න කියන්න

No comments:

Post a Comment