Thursday, May 16, 2019

හමු නොවී

හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්
දෙනෙත් කඳුලින් තෙමා
හඬක් නොනැගෙන සේ
නුඹට නොහඬා ඉන්න තිබුණා
හමු නොවී සිටියානම්

හමු වෙලා වෙන් වෙලා යන්නට කිසිම දා
අපට සිදු නොවන්නට තිබුණා
හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්

නෙත් අගින් පිළිතුරු නොදී
නුඹට ඉන්නට තිබුණා
හමු වෙලා වෙන් වෙලා යන දුක
හමු නොවී මහ හරින්නට තිබුණා
හමු නොවී සිටියානම්
අපි හමු නොවී සිටියානම්

No comments:

Post a Comment