Wednesday, May 27, 2020

ඉතින් අවසන
නුඹ පමණක්ම නොව
අහිමි වී ගොස්
මට මාව ද.....

ජීවිතේ වැඩි කොටස
නුඹ නමින් වෙන් කොට
ආදර සිනාවක්වත් නොපතාම
ආදරය කළ වරදට
නුඹම දඬුවම් දෙන'යුරු.....

එ'වදන් යවුල්
සිරකරයි හදවත
ගෙළ වටා හිරවන
කටු කම්බි මුදුවකි නුඹ
ආදරය වැඩි වෙදිදි
ගෙළ තවත් සිර වෙන.....

දන්නවද මැණික
නුඹේ රුදු වදන් එකවර
හදවත පසාරා එහෙට මෙහෙට
නොනැවතී විදුලියක් සේ
තලනවා පෙළනවා තාමත්
හොඳටෝම.....


No comments:

Post a Comment