Wednesday, June 30, 2021

තෙරපි තෙරපී දොඩමළුව හිටිය හිත අස්සේ

ඉඟි බිඟි හැඟුම් ආදරය අඩු නැත්තේ

එක් වරම පපු කැවුතු පසාරුව යන සේ

පහර පිට පහර ඇනපන් නුඹට සිත්සේ


ගලා යන රුහිරෙන් තෙමා නුඹෙ පාද

කමා වන ලෙස කියමි යලිත් වැඳ පාද

විඩා බර නෙත් කෙවෙනි වැසී යන දාක

නුඹ නමින් මියෑදුණු පෙමක් ඇති තාම

 Copied from. Ma Du Ranga

අවසාන වතාවටත් 

නුඹ හොඳින් දැයි ඇසීමට සිතමි

අවසාන වතාවට අවසානයක් නැති නිසා 

නිහඬව හැරෙමි


ඉමක් නැති කල්පයකට වඩා මොහොතක දීර්ඝතම බව විඳිමි 

ශුෂ්ක කාන්තාරයත් කෙමෙන් මියෑදෙන උයනකට අසමාන බව දනිමි


ඉතින් මම ලියමි

හඳ දෙස බලා ලියමි

වරද්ද වරද්දා තරු ගණන් කරකර ලියමි


නෙත් කෙවෙනි තෙත්වන තුරු

ඇස් කොණින් රතුවන තුරු

හදවත ඇවිලෙනයුරු 

වෙව්ලන දෑතින් ලියමි


නුඹ කිරිල්ලියක් බව ද

නුබගැබ පියාසලන හැටි ද

සිනාසෙන ඇස් ද 

බැඳීගිය අත් ද 

බිඳීගිය දෙනෙතින් දුටිමි

මුමුණන මියුරු තනු ද ඈතින් ඉඳ අසමි


පුරුද්දටදෝ

නුඹ හොඳින් දැයි ඇසීමට සිතමි


නුඹ සුවෙන් බව දනිමි

නුඹ හොඳින් යැයි සිතමි


විඩාබර දෑස් පිස

අවසාන වතාවට අවසානයක් නැති නිසා නිහඬව හැරෙමි......❤️🍂


අවිනිශ්චිත 

තවත් කොතරම්

නිදි නේන මත්වූ රැයවල්

පහන් කරම්ද

වේදනාවත් තෙරපමින්

ඝෝෂාවන් සවන් පෙළමින්

පීඩාවන් රිද්දමින්

මගේම සිත රැවටීමට කරන සියළු දේ

නිශ්ඵල මොහොතක

ගිරි දුර්ගයක සිට බලා හිඳිමි

පහල නුඹ නොමැති බව දනිමි

නමුත් මා සිටිය හැක

Tuesday, June 29, 2021

අපි ලස්සන දේවල් වලට කොච්චර ආදරේද

ඒත් ඒ ලස්සන කොච්චර නපුරුකම් හංගන් ඉන්නවද

තමන්ට දවසක් හරි ආදරේ කරපු කෙනෙක්ට

තමන් දවස හරි ආදරේ කරපු කෙනෙක්ට

ඔනෙ දෙයක් වුනාවෙ කියල 

පැත්තක වෙලා ඉන්න තරන්

ඒ නපුරුකම් දරුණුද

මග බලා සිටිමි

වචනයක් හෝ ඇසෙනතුරු බලා සිටිමි

නුඹ සියලු දොරගුළු වසා දැමුවද

දොරකඩට වී සුසුම් ලමි

නුඹට ඇසෙන බව දනිමි

සමාවුව මැනව

මම නුඹට ආදරය කරමි

දරාගත නොහැකිව තැවෙමි

නුඹ වෙන්ව ගොස්

ජීවිතය අතර මග නවතා

නුඹ යන්න ගොස්

මතක් වෙද්දිත් හිතම හිස්

ආදරේ නුඹ දුන්න තැන්

නුඹෙ ආදරේ නැතිව හිස්

මම නුඹට ආදරෙයි කවදත්

පණට වැඩියෙන් තව ටිකක්

හිස් තැන්

මීවිතෙන් සංගීතයෙන් පුරවමි

හිස් තැන් වෙතොත් ආදේශක සොයමි

ඔහේ පිරෙනු ඇත

නුඹ වගේ නොවෙනු ඇත

පළි ගනිමි

මගෙන්

නුඹ මට අහිමි කළවුන්ගෙන්

Monday, June 28, 2021

සිතින් සිත සිත විඳවමි

නෙතට රසඳුන අද නැති

මිහිරි ගීයක හැඩ ඇති

හඬ ඇසුනොතින් ඒ ඇති


මූසලයි උලලේන් නාදය

සුළඟින් පවා තිගැස්සෙන හදවත

නුඹ ළඟම සිටි විට

තිබු අස්වැසිල්ල ආයෙම දෙනවද

නුඹ රිදුම් දෙන තැන

සක්‍රීය වන කව් සිත

නුඹ අහිමි වන තැන

අක්‍රියව මියෙන බව දැනේ

සිත රිදෙන තැන

කවියකින් සැන්සුම

ගෙනෙන සීමාවටම

පැමිණ ඇති බව හැඟේ



Sunday, June 27, 2021

මම මගෙන් පළිගනිමි

නුඹ සිත සුවපත් කරගන්න

නුඹ හඬ සවනත නොවැකුණද

නුඹ සිටින බව හෝ නොදැන

මට පියවි සිහියෙන් නින්දය යා නොහැක

එබැවින් 

මට සමාවුව මැන

නුඹට මගෙන් වරදක් වී නම්

අදටත් මතුවටත් විඳවමි

මේ වේදනාවන් ඊට හිලව් නොවනු ඇති

ජීවිතයේ මා ආදරය කරන

මා ඇළුම් කරන

මා විශ්වාස කරන

ජීවීන් අතලොස්සෙන්

නුඹ අහිමි වීම දරා ගත නොහැක

දස දහස් වාරයක්

හැපෙමින් තැවෙමින් සමාවනලෙස ඉල්ලමි

මෙවන් වේදනාත්මක සමුගැනීමක් 

මෙවන් දරුණු දඬුවමක්

මෙවන් හිස් බවක්


අනේ එපා....🙏


 


 

Saturday, June 26, 2021

තනිය හුදෙකලාව මේ තරම් වද දුන් දිනක් මින් පෙර මුණ ගැසී නොමැත

නුඹ දැකිය හැකි සියළු මාවත් අවුරා ඇති නිමේෂයක

තව තවත් හුදෙකලා වනු මිස

සිදු කළ හැකි, සිදු කළ යුතු

වෙනකක් නොහැඟෙන්නේය

අතිශයින්ම ආදරය කළ හිතකට

මෙය මරණීය වේදනාවකි




අවසානයේ මම සිහිනයක නුඹ හමුවීමි

උඹ මෝටර්සයිකලයක පිටුපස

දෑත් දපසට විහිදුවා 

මහත් වූ සතුටින් ගමන් කරනු දුටුවෙමි

රැළිති කොණ්ඩය සුළගේ විසිර

මට ඔච්චම් කළේය

එක් වරම නුඹ නැගිට කෑගැසුවාය

නුඹ එකතරම් සතුටකිනි


මා සිටියේ නුඹෙ ගිය මග පසෙකය

කිළිටි ඇඳුම්, හිසට ඇළුනු කෙස්,

දුර්වල අත පය, ගිළුණු ඇස්


නුඹ මා පසු කොට ගිය පසු

මම අතවැනීමට සිතුවෙමි

නමුත් එසේ නොකළෙමි


"අන්න අර බයික් වලට අත වනන පිස්සා මැරිලා"


කවුදෝ කියනු ඇසුණි

Friday, June 25, 2021

ආදරය

බයික් එකේ ගියේ....

තෙමිලත් ඇති....❤️


වෛරය

කොච්චර ඇඬුවත් බිව්වත්

මම යනවා....💔


ආදරය

කවද හරි එනකන්

මං බලං ඉන්නවා ❤️


එතකන්

අඬනවා බොනවා 🖤







...... .....


🙏🙏🙏

Thursday, June 17, 2021

ආදරය හිත් වලට දැනුනාම මුළු ලොවම   රිද්දා

ඉල්ලන්නෙ ආදරය පමණමයි නුඹෙන් ඒ හන්දා

අසරණම මොහොතකට හිත නිවන වචනයක් ඉල්ලා

දන්නවද අඬනවා පිරිමිත් කඳුලු ලෝකෙට හංගා

 නිහඬබව දරනු බැරි ඇයි              මන්දා

පෙළන තරමට හොඳටෝම රිදුම් වින්දා

පණනලත් රැක ගත යුතුම           හින්දා

ඔව්මැණික අදත් මම චූට්ටක්      බිව්වා

Wednesday, June 16, 2021

එක්ස්කියුස්මී ටීච මම දෙක ඕලු පන්තියෙ පොඩි සමන්

පින්තූරෙනන් පේන් නැතුවැති සිග්නලුත් නෑ හරි හමන් 

ගණන් පාඩම බුද්ධ ධර්මය ඉගෙන ගත්තට සිත් තුටින්

අම්මා පිටරට අප්පා වැලිකඩ ආච්චිත් සත්තයි ලෙඩින්


අක්කා දැන් පහ වසරෙ මිස් ශිෂ්‍යත්තෙ ලියනවා පාසලෙන්

එයා දක්ෂයි හැඩයි නිතරම පළමු වෙනියා පන්තියෙන්

මිස් වුනත් මට ගණන් පාඩම අක්කා පව් මම හරි දුකින්

ටීච මම දැන් ලීව් වෙන්නද අක්කටත් දැන් ඔන්ලයින්

මතක පොදි හංගාන                          අස්සේ

රිදෙන මොහොතක නුඹයි කඳුලුත් පිස්සේ

ආදරෙන් රැක ගත්තු                      නෙත් සේ

හඬවමින් රිදවනවාද සිත               සිත් සේ

Monday, June 14, 2021

නුඹ          මගෙ       හද           නැහැ

නැති         සිත         වත           හිත

ලොව       දෙයි         එක්          තැම්

හිස්           දොස්         ලස්          පත්



Friday, June 11, 2021

 ජීවිතය


සෑම හිමිවීමක් සමඟම 

නොමිලේම හිමිවන අහිමිවීමකි

අහිමිවීම් වලකා ගැනීමට 

වෙහෙසීම ජීවිතය නමි

හිමිවීම අබියස

උදම් ඇනීම කමකට නැති

අහිමිවීම් අසබඩ

නොහඬා සිටිනු නොහැකි

ජීවිතය වනාහී - අහිමිවීම් ම ගොන්නකි



Tuesday, June 1, 2021

ඔය එකක් හරි.....
 වැරදීමකින් හරි......
 පොඩි වෙලාවකට හරි.....
 මග ඇරුනොත්......😶
--------------------
ඇත්ත....
දුක හිතෙනවා....
ඒක දන්නවා.....
ඒකයි මෙච්චර පසු තැවෙන්නෙ....
දුක් වෙන්නෙ.....
...... .....