Saturday, June 26, 2021


අවසානයේ මම සිහිනයක නුඹ හමුවීමි

උඹ මෝටර්සයිකලයක පිටුපස

දෑත් දපසට විහිදුවා 

මහත් වූ සතුටින් ගමන් කරනු දුටුවෙමි

රැළිති කොණ්ඩය සුළගේ විසිර

මට ඔච්චම් කළේය

එක් වරම නුඹ නැගිට කෑගැසුවාය

නුඹ එකතරම් සතුටකිනි


මා සිටියේ නුඹෙ ගිය මග පසෙකය

කිළිටි ඇඳුම්, හිසට ඇළුනු කෙස්,

දුර්වල අත පය, ගිළුණු ඇස්


නුඹ මා පසු කොට ගිය පසු

මම අතවැනීමට සිතුවෙමි

නමුත් එසේ නොකළෙමි


"අන්න අර බයික් වලට අත වනන පිස්සා මැරිලා"


කවුදෝ කියනු ඇසුණි

No comments:

Post a Comment