එක්ස්කියුස්මී ටීච මම දෙක ඕලු පන්තියෙ පොඩි සමන්
පින්තූරෙනන් පේන් නැතුවැති සිග්නලුත් නෑ හරි හමන්
ගණන් පාඩම බුද්ධ ධර්මය ඉගෙන ගත්තට සිත් තුටින්
අම්මා පිටරට අප්පා වැලිකඩ ආච්චිත් සත්තයි ලෙඩින්
අක්කා දැන් පහ වසරෙ මිස් ශිෂ්‍යත්තෙ ලියනවා පාසලෙන්
එයා දක්ෂයි හැඩයි නිතරම පළමු වෙනියා පන්තියෙන්
මිස් වුනත් මට ගණන් පාඩම අක්කා පව් මම හරි දුකින්
ටීච මම දැන් ලීව් වෙන්නද අක්කටත් දැන් ඔන්ලයින්
No comments:
Post a Comment