Wednesday, June 30, 2021

 Copied from. Ma Du Ranga

අවසාන වතාවටත් 

නුඹ හොඳින් දැයි ඇසීමට සිතමි

අවසාන වතාවට අවසානයක් නැති නිසා 

නිහඬව හැරෙමි


ඉමක් නැති කල්පයකට වඩා මොහොතක දීර්ඝතම බව විඳිමි 

ශුෂ්ක කාන්තාරයත් කෙමෙන් මියෑදෙන උයනකට අසමාන බව දනිමි


ඉතින් මම ලියමි

හඳ දෙස බලා ලියමි

වරද්ද වරද්දා තරු ගණන් කරකර ලියමි


නෙත් කෙවෙනි තෙත්වන තුරු

ඇස් කොණින් රතුවන තුරු

හදවත ඇවිලෙනයුරු 

වෙව්ලන දෑතින් ලියමි


නුඹ කිරිල්ලියක් බව ද

නුබගැබ පියාසලන හැටි ද

සිනාසෙන ඇස් ද 

බැඳීගිය අත් ද 

බිඳීගිය දෙනෙතින් දුටිමි

මුමුණන මියුරු තනු ද ඈතින් ඉඳ අසමි


පුරුද්දටදෝ

නුඹ හොඳින් දැයි ඇසීමට සිතමි


නුඹ සුවෙන් බව දනිමි

නුඹ හොඳින් යැයි සිතමි


විඩාබර දෑස් පිස

අවසාන වතාවට අවසානයක් නැති නිසා නිහඬව හැරෙමි......❤️🍂


No comments:

Post a Comment