Saturday, July 31, 2021

එයා ඒවා බලන්නෙ නෑ

ඒත් කවදා හරි බලයි

මම නැති දාක හරි බලයි

එතකොට හරි තේරෙයි

කොච්චර ආදරේ කළාද කියල

කොච්චර විඳවලාද කියල

මැරෙන එක කොච්චර අමාරුද කියල

ඊටත්

මැරි මැරී ජීවත්වෙන එක කොච්චර කරුමයක්ද කියල

මතු ආත්මෙක හරි

මාව ලැබෙන්න කියල හිතයි

මට කවදා හරි

මතු ආත්මෙක හරි

මේ කඳුලු ඔක්කොම

එයාගෙ උරහිසට බර වෙලා

අඬල අඬල

ඇති වෙන්න කෑ ගහල අඬල

ඉවර කරල දාන්න පුළුවන් වෙන්න

එක මොහොතකට හරි

අපිට ලැබෙන්න ප්‍රාර්ථනා කරයි

අනේ එහෙම කරන්න....🙏🙏🙏🙏

හාත්පස පැතිරෙන්නේ නුඹේ සුවඳයි

නුඹ ඉතිරි කර ගිය අපූරුම මතකයි

මතක අපූරු වුව සිත පහුරු ගසයි

සිත පහුරු ගසමින් රිදව රිදවා වද දෙයි

නුඹ නොමැති තැන කොහිද ජීවිතයේ සතුටක්

අත්වැල් අල්ලගෙන පසෙකින් සිටින්නට කෝ මට සැබෑ හිතවතියක්

ජීවන ගමන පීලි මත රැඳී අතරමං නොවනට

මග කියාදුන් නුඹම මා අතැර ගොස් මංමුළාකර මා

ඇසිපිය නොගසා 

හෝරාම පනස් ගානක්

බලා හිඳිමි තවමත්

හෝරා දින වී

දින සති වී

සති මාස වී

මා මියෙන තුරුම 

බලා හිඳිමි

බලාපොරොත්තු වෙමි

මෙලෙස අතැර

මියෙන්නය හරින්නට තරම්

වරදක්

මා ඔබට 

සිදු කර නැත

කිසිම දිනක

 

ටිං ටිං සද්දෙන්

එනකොට මැසේජ්

පිච්චෙනවා හදවත

තාමත්

ඒ නුඹ නොවෙන බව

තේරෙන මොහොත 

තාමත් එලඹෙන්නෙ

පොඩි ගැප් එකක් එක්ක

ඒ ගැප් එක ඇති 

පපුව පිච්චෙන්නම

නුඹ මා අමතක කර දමා

දින ගණන් සතුටින් ප්‍රීතියෙන්

ජීවිතය විදින අතර

මම නුඹ අමතක කරනු නොහැකිව

දින ගනන් මහත් වේදනාවෙන්

ජීවිතය සමඟ පොර බදිමි


මේ පොර බැදීම අවසන් කිරීමට කාලය බව ඔබ පෙන්වමින් සිටී

ජීවිතය සමඟ පොර බදා පරාජය වීමට ඔන්න මෙන්න බව මටද පසක් වේ

පිච්චි පිචිචී බිම වැටෙන්නේ අලු වෙලා

ඩන්හිල් ගෝල්ලිප් නෙවේ ඒ මගේ ජීවිතය පිච්චිලා

කරුවලට විතරක්ම නෙවෙයි බය හිතෙන්නෙම ගැස්සිලා

දහවලත් බියකරුයි නුඹ නොමැති ලොව තනි වෙලා

ඔරලෝසු කටු ඇයිද මෙච්චම ස්ලෝ

මාව තනියෙන් දාල ගියේ ඇයි හලෝ

අටයි තිස් හතර

අටයි තිස් හතර


ඇය නිහඬ වී තිබුණි

ඊට මිනිත්තු පහකට පෙර මා අමතා

සුළු මොහොතකින් ඇය නිහඬ වී තිබුණි

ඔබේ ආදරණීයයන්ට ප්‍රතිචාර දැක්වීමට

මිනිත්තු පහක්වත් ප්‍රමාද විය යුතු නැත

එවැනි ප්‍රමාදයන්

ජීවිත කාළයම නුඹ හඬවනු ඇත

නුඹ ජීවත්ව සිටියද

මියෑදුණු අයෙකු බවට පත් වනු ඇත

ස්තූතියි

නුඹට ස්තූතියි 

මා මේ තත්ත්වයට ශක්තිමත් කළාට

ජීවිතයේ ප්‍රශ්න වලට 

මා නොදැන සිටි පිළිතුරු කියා දුන්නාට

නුඹේ ආදරණීයයන්ටත් කියා දෙන්න

තාවකාලික වුවත් 

ඉන් මහත් සුවයක් ඇති බව

පැය කිහිපයකට හෝ

මහා හයියෙන් හඬන්නට නොහැකි තැන

දුක දුම් රොටු බවට පත් කර

ඉහලට ඉහලට ගොස්

බාල්කයේ වැදී

නොපෙනී යන වග

මමද දිනක

එලෙස නොපෙනී යනු ඇත

එතෙක්

නුඹ කියා දුන් ලෙස

ජීවිතය විදවමි

නුඹට අනේක වාරයක් තුති

🙏 🙏🙏🙏

...... .....



Friday, July 30, 2021

නියෝන් එළි පිරුණු හවසක

වෛවර්ණ ළඳුන් ඔබ මොබ දුවන නුවරක

නුඹ පිළිබඳ මතක මදකට පසෙකින්  තබනට

මධුවිතක පහස ළබමි හුදෙකලාවම


නුඹ පිළිබඳ මතක පසෙකින් තබනු වෙනුවට

නුඹ සමඟ සිතින් ඔබ මොබ ගිය මතක එකිනෙක

ගොඩගැසී පුපුරන්න ආසන්න හිස්කබල

නුඹ කොහොම ඉන්නවද මෙහෙම මා අමතක කොට



නුඹ වෙනුවෙන්ම

නුඹේ සතුට වෙනුවෙන්ම

වෙහෙස වූ මා හට

නුඹෙන්ම ජීවිතය අයදීමට සිදුවීම

දෛවෝපගතය

ජීවිතයේ කිසිදු අරමුණක් කරා

යාම තියා

ඒ ගැන සිතීමද

අතිශය වේදනාකාරී වී ඇත

අනේ 

කිසිවෙකු හෝ මා හට පිහිට වන්න

මගේ ජීවිතය ගළවා ගැනීමට

මට පිහිටක් අවශ්‍යව ඇත

අයුක්තියට අධිපති දෙවඟන

පපුව පුපුරා රිදුම් දෙද්දිත්

උදුර උදුරා අතට ගෙන

එහෙට මෙහෙට හරවා

බලමින් ලේ වැක්කෙරෙන'යුරු

සිනාසෙන්නී

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන


ජීවිතය ඉල්ලා කෑ ගසද්දිත්

නෑසුනා සේ දත් විරිත්තා

මහා කඨෝර හිනාවක්

මා දෙසට දමා හල

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන


දිනෙන් දින දළු ලා වැඩුනු

ප්‍රේමයේ මහා වෘක්ෂය

ඒක පාර්ශ්වික තීන්දුවකින්

කපා බිම දා

එයිනුත් නොනැවතී

වැටුණු වෘක්ෂයටද 

පොරෝ පහර දෙකක් එල්ල කළ

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන

ආදරය අහිමිව

විඳවද්දි අනෙකා

නුඹ විඳින්නෙ

මොන වගේ සතුටක්ද

සිතා ගත නොහැක...


ආදරය අහිමිව

අතරමං කර අනෙකා

මග දනිද්දීත්

කියා නොදෙමින්

නුඹ විඳින්නේ

මින වගේ සතුටක්ද

සිතා ගත නොහැක....


ආදරය අහිමිව

දුකින් ගිලන් වෙද්දී

එලෙසින්ම මියයනු ඇතැයි

බලාපොරොත්තුව

නුඹ විඳින්නේ

මොන වගේ සතුටක්ද

සිතා ගත නොහැක....

වහලයේ බාල්කය 

සයනයේ උඩු බැළි අතට

කඳුලු වගුරන මා දෙස

සමච්චල් බැල්මක් හෙලන්නේය

වේදනාවන්ට සහනය

තමා ලඟ ඇත්තාක් මෙන් සිතා

හෙතෙම මට අඬ ගසන්නාක් බඳුය

කැකෑරෙමින් ඇති ජීවිතය

හිස් අවකාශයට බාර දී

නික්මෙන්නට අවැසිය

ඔව්

ඉක්මනින්ම

එවැනි තීරණයක් වළක්වන 

ඇස් හයකින්

ඉතිරිව ඇත්තේ හතරක් පමණි

ඉතිරි ඇස් දෙක

එම තීරණය දිරි ගන්වමින් සිටී

ස්තූතියි එයට 🙏

Thursday, July 29, 2021

ලියා දුක දරා ගත හැකි මානයෙන් ඔබ්බට

කෙමෙන් කෙමෙන් මා ලඟා වෙමි

ඉතින් ප්‍රේමිය මගෙන් නුඹට වන ආදරය නැමති හිරිහැරය

නිමාවනු ඇත නුදුරේම

ආදරය නොමැති තැන මා ද නොපවතිනු ඇත

මා නොපවතින තැන නුඹේ සතුට පවතිනු ඇත

නුඹේ සතුට පවතින තැන මගේ සතුට පවතිනු ඇත

මගේ සතුට විඳීමට මා....... එය ප්‍රශ්නාර්ථයකි

අපේ ආදරේ මුරුගසන් වැසි අතරේ

සැඟව ගහගෙන ගොස් නොසිතූ ලෙස නොසිතු මොහොතේ

නිමේෂයකදි ඇසිපිය හෙලන මොහොතේ

නුඹයි රැළි දිය මතට මා අතහැරියේ

අපේ ආදරය ගිළී යන තැන නොදුටු සේ වෙනතක බලා සිටියේ


අද උදෑසන 8.34ට ඇය ප්‍රේමය දියට තල්ලු කර හිනැහුණාය

කාස්ටක කොටුවේ

සූක්ෂම නොමිනිසුන් අතරේ

තීක්ෂණ නෙත් විදා

නෙතින් නෙත හිනැහුණේ

ඇයිද අප නෙත් හමුවුණේ


වික්ෂිප්ත දෙහදක් ශේෂ කල සොදුරු තහනම් හැඟීමක සැමරුම්

නෙතින් නෙත නුඹ මුණගැසුනු දින

ඒ වගේමැයි

තිගැස්සෙන කවියක නුරුස්සන පදවැල්


සුපුෂ්පිත කුසුමක් මිළින වන

අහිංසක නුඹෙ දඩබ්බර වෙනසක්

සිතින් සිත නුඹ මුණගැසුණු දින

ඒ වගේමැයි

විරහබර ගීයක  හැඟුම්බර පදවැල්

Friday, July 16, 2021

නවතින්න....නවතින්න....නවතින්න....

කොපුල් පුපුරා

නුවන් උතුරා

ජීවය මගේ

උදුරා ගනු එපා


නවතින්න....මොහොතක්....නවතින්න


මධුපානයක

තවරාත්‍රියක

හිත් ගාව රහසින්....රහසින්

හිනැහි හිනැහී කොනිත්තනු නවතා


නවතින්න....මොහොතක්....නවතින්න


හිත කීරි ගැහෙනා

පෙර මතක අවුලා

නුඹ උන්නු හදවත....හදවත

පුපුර පුපුරා පුලුස්සනු නවතා


නවතින්න....මොහොතක්....නවතින්න

Sunday, July 11, 2021

 www.lankaradio.lk 

Listen now

"Excuses make today easier and tommorrow harder"


Then why?

Then why you just make today easier?

While making a harder tommorrow 

Why can't we just live today?

No need of excuses

From both ways

Just think

Who can loose the best thing ever happened?

Who can live without the best person ever met?

Who can enjoy without the best part of the life?

Please don't close the gates!

Please don't close the gates!

I deaperatly need your affection!

Life without you is full of sorrow,

Life without you is life without life,

You are my breath,

You are my soul,

You are my everything!

Please don't close the gates.....🙏

...... .....

Wednesday, July 7, 2021

එකතුවක්

-------------------------------------

කල්පනා කරන ජීවිත

අඬන ජීවිත

බොරුවට හිනාවෙන ජීවිත

අසරණ ජීවත

ප්‍රතික්ෂේපිත ජීවිත

කාලකන්නි ජීවිත

ආදරණීය ජීවිත

නරුම ජීවිත

බොරුකාර ජීවිත

පව්කාර ජීවිත

කාටවත් වැඩක් නැති ජීවිත

වැරදිච්ච ජීවිත

Tuesday, July 6, 2021

Dear God

Are you there

WTF you are doing

Take me out of this shitty world

Are you also enjoying my sorrow

Are you also enjoying my pain

Are you also enjoying my wounds 

Take me soon

I beg you

I desperately request you

I can't smile while crying

I can't sing while crying

I can't calebrate while crying

Take me out of this shitty world

Take me out of this shitty life

Monday, July 5, 2021

නාදුනන සේ නිහඬව

සිටින්නට කල වරද කිම

තාරකාවක් කොහොමද

නොපෙනී ඉන්නෙ පොළොවට

චාරිකාවක් නිමකොට

යන්න හිත හැදෙන දවසට

කඩන් වැටියන් පොළොවට

මා නිදන බිම මත්තට

පණ සේ ආදරය කළෙමි, කරමි

එබැවින් අයදිමි

ආදරය යනු නුඹේ වචන කිහිපයකි

මා පණ සේ ආදරය කළේ එයටය

දරා ගත නොහැක

ජීවිතය විනාශ වෙමින් පවතී

අනේ මා ගලවා ගන්න

මා බේරා ගන්න

එය නුඹට පමණක් කළ හැක

මා නුඹට පණසේ ආදරය කරමි

Saturday, July 3, 2021

පැමිණියත් එදිරිව මා කරා මුළු ලෝකයක්

දැනුනෙ නෑ කිසිදින නොසළකමි සැමදා

නමුදු ඔබගේ වෙනස්කම් සහ රිදවීම්

ඉවසන්න බැහැ ඒ නුඹ මගෙම නිසා

මහ රෑට ජීවිතේ පට්ට ෆන් මචං නියමයි

කළුවරක පේන් නෑ ඇඬුව හැකි බං ඇති තරන්

තාලයක් නැතුවම ඇහෙන රැහැයි හඬ ජීවිතය වාගෙමයි

සින්දු දෙක තුන ප්ලේ වෙද්දි සද්දෙට, ඉකි ගහන සද්දෙවත් ඇහෙන් නෑ


හැඩකාර ගෑණු හිත් හරි සුන්දරයි මම ආදරෙයි

පණ යන්න ආදරේ කරපු තැන් වල මතක අච්චරයි මෙච්චරයි

අපි ආදරේ වුනත් අපිට ආදරේ උන් අඩු නෙවේ නෑ බං

උන්ට පුළුවන් මචං මරෙනකන් තද කරන් ඉන්න අපෙ හුස්ම කොට්ටෙකින්


අමාරුයි, ඒත් උන්ට මරුනන් ඒ සතුටම මදෑ නේ බං?

Friday, July 2, 2021

මනුස්සයෙක්....

නිකන්ම නිකන් මනුස්සයෙක් නෙවේ,

තප්පරේකට හරි තමනුත් ආදරේ කරපු මනුස්සයෙක්,

පණටත් වඩා තමන්ට ආදරේ කරපු මනුස්සයෙක්,

විඳවනවා;

වේදනා විඳිනවා;

විනාස වෙනවා;

ලෙඩ වෙනවා;

අඬනවා;

රෑ මැද්දෙ ඇහැරගෙන කල්පනා කරනවා,

ඔහොම බලාගෙන ඉන්නෙ කොහොමද?

එහෙම ඉන්න පුළුවන් වුනේ කොහොමද?

එහෙම වෙන්න හයියක් තියෙනවද?

දුක නැද්ද?

නිහඬවම ඉන්න

පහසු වෙයි ඔබට

මා මියෑදුනු දිනෙක

සතුට සඟවා ගන්න


නිහඬවම ඉන්න

පහසුවෙයි මට

ඔබටත් නොකියාම

සතුටින් මියෑදෙන්න

අංකල්,

මාමෙ,

අයියෙ,

මල්ලි,

මචං,


මට සමාවෙයං බං......

නොතේරෙන කාලෙ බැන්නට උඹලට;

බේබද්දො කිව්වට;

අපරාදෙ සල්ලි කිව්වට;


ඔලුව පුපුරණ වෙලාවක

වැටිච්ච තැන නිදියන්න

ඒක මරු බං......


රෑ මැද්දෙ ඇහැ ඇරෙන එකටත්

ඇහැරිලා දුක හිතෙන එකටත්

දුක හිතිල ඉකි ගැහෙන එකටත්

කියපංකො මොකක් හරි විදිහක්

තිස්සේම ඇහැරෙන

මුළු හිතම ගැස්සෙන

හොඳටෝම මිස්වෙන

ආදරය නුඹ මිස

Thursday, July 1, 2021

Mkcp Shasheen වරක් ඔහුගේ ප්‍රසිද්ධ කවියක මෙසේ පවසා තිබුණි.....ප්‍රේමය අවසන ඔහු සංතෝස විල අසල රෞද්‍ර ගිජු ලිහියකුව ජීවත් වෙයි......, 


ඔබ ඕනෑම වෙලාවක එන්න

මා සිටින්නේ සංතෝෂ විල අසල

උසම උස ගසකයි !


මා මේ කවිය ලියන්නේ

කිසිදු වේදනාවකින් තොරවයි !


මා මෙහි වෙසෙන බව

ඔබට ලියූ තුරුපත් 

හොටෙන් ඇන, දෙපයින් ඉරා

අන්න මේ ගස යට ඔහේ දිරායයි, 

පොළොවට පොහොරවෙයි !


හීතල හීගඩු පිපෙන 

උතුරු දූපතෙන් එන සුලඟ 

ඔබෙ සුවඳ ගෙන එයි !

හීගඩු පිපුනහම 

පිහාට්ටක් දෙකක් හලන එක 

ගානක් නැහැ දැන් මට පුරුදුයි !


ඔබ ඕනෑම වෙලාවක එන්න

මා සිටින්නේ සංතෝෂ විල අසල

උසම උස ගසකයි !


මා මේ කවිය ලියන්නේ

කිසිදු වේදනාවකින් තොරවයි !


චන්ද්‍රයා චන්ද්‍රාලෝක එවුවහම

දිග හැරෙන කණාමැදිරි පියාපත්

මේ දුර්ග ගස නැග එයි. 

ඇවිත් ඔබ මොබ ඇවිද 

ඔබේ වග විමසයි, වද වෙයි !

එකෙක් දෙකෙක් අල්ලා ගස්කඳේ ගසා

මැරුවාම, ඒ වදෙත් ඉවරයි !


ගම් දනවු වලින් ඈතට 

උසගසක වෙසෙන 

රෞද්‍ර ගිජු ලිහිණියකු ගැන පුවතක්

නුදුරේදීම ඔබට සැලවෙයි 


නමුත් විස්වාස කරන්න !

මා සිටින්නේ සංතෝෂ විල අසල

උසම උස ගසකයි !


මා මේ කවිය ලියන්නේ

කිසිදු වේදනාවකින් තොරවයි !

Mkcp Shasheen


------------------------------------------------



මේ ප්‍රේමය අහිමි වූ විටෙක මගේ තත්තවයයි. කළකට පෙර මේ බ්ලොග්  අඩවියෙන්ම මෙය නුඹ කියවා ඇතැයි මම සිතමි......,


ඔබ නොමැති ජීවිතය නම්

දිය රැළිති නැති ගැඹුරු ගංගාවේ 

පාවෙමින් සිටිමි උඩුබැලි අතට ඔහේ

නහය විතරක් චුට්ටක්

වතුරෙන් උඩට

හුස්ම ගන්නට අවැසි නිසා පමණක්


නිලංකාරය දෑස් වැසී ගොස්

දැවෙමින් රක්ත හිරු කිරණින්

මා සිටින්නේ දුක සතුට නාදුනන

ඔබ නොමති ජීවිතය නම් ගංගාවේ

ගැඹුරුම ගැඹුරු තැනක 


උඩුබැලි අතට පාවෙමින්

ඉඳ හිට ඉහෙන පල් වතුර බිඳකින්

නිවාගෙන පිපාසය 

පෙඳ පාසි නිව්වා වගේ මතකයි සාගින්න


ඔහේ පාවෙමි ඔහේ පාවෙමි

ඔබ නොමැති ජීවිතය නම් ගංගාවේ

තනියට ඔබ නොපැමිණෙන බව දනිමි

ඔහේ පාවෙන ජීවිතය නොවටිනා බවද දනිමි

ඔබෙනුත් අත්වැලක් නොලැබේනම්

වෙනකෙක් පිහිටට නොඑන බවද දනිමි


එබැවින් පාවෙමි 

දුක සතුට නොදැනෙන 

ඔබ නොමැති ගංගාවේ.....


එසේ පාවී අවසන මියෙමි.........


දිනූෂ ජයසිංහ (sondurusithuwili.blogspot.com)


--------------------------------------------------------


මා තෝරාගත යුත්තේ කුමක්ද? සංතෝස විල අසල රෞද්‍ර ගිජුලිහිණියාගේ චරිතයද? එසේත් නැත්නම්, නුඹ නොමැතිව ඔහේ පාවී මියෙන චරිතයද? මම නොදනිමි. ප්‍රේමය යනු ජීවිතය දැනුණු, ස්පර්ශ කළ නිමේෂයයි. ඒ නිමේෂය තත්පරයක් විය හැක, ජීවිත කාලයම විය හැක. කරුමය යනු එය තීරණය වන්නේ අපගේ සිතුම් පැතුම මත නොව, බාහිර සමාජයේ උවමනා එපාකම් මත වීමය. 


මේ කතා බහත් මේත් එක්කම අහන්න.....

⬇️⬇️


https://fb.watch/6t59jsobIu/

ආදරය කළ 

මුළු ලොවටත් වඩා සැමදා නුඹටම

පරිස්සම් කළ

වචනෙකින්වත් හිත නොරිදෙන්න

ප්‍රාර්ථනා කළ

නුඹේ ජය පමණක්ම හැමදාම

පසෙකට  වූ

නුඹ වෙනුවෙන් නුඹට අයිතියක් නොකියාම

නිහඬව කඳුලු සැලූ

අහිමි ආදරය හිමි නොවන තුරාවට

වෛරයක් නොඉපදිනු

කිසිම දින කිසිම ලෙස නුඹ නමට

ප්‍රීතිමත් වූ

නුඹේ සිනහව දකින්නෙ කොතනද


කියා දෙන්න

එවැන්නෙකුට මෙතරම් වෛරකළ හැක්කේ කෙසේද?

ආදරය පමණක්ම නොව

සතුට

නින්ද

ජීවිතය

නිරවුල් බව

නිහඬ බව

ආදිය ද

සොරා ගෙන ගොස් ඇත

නොනැවතී දෙසවන පිරී ඇති

ඝෝෂාව නවතින්න

අනේ මොනවා හරි කියන්න 🙏


පාන්දරම අවදිව 

යායුතු මා

තවම අවදියෙන් 😭


කාටවත් නොපෙනෙන තැනක

ජීවිතය නවතිනවානම්......❤️