Friday, July 30, 2021

අයුක්තියට අධිපති දෙවඟන

පපුව පුපුරා රිදුම් දෙද්දිත්

උදුර උදුරා අතට ගෙන

එහෙට මෙහෙට හරවා

බලමින් ලේ වැක්කෙරෙන'යුරු

සිනාසෙන්නී

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන


ජීවිතය ඉල්ලා කෑ ගසද්දිත්

නෑසුනා සේ දත් විරිත්තා

මහා කඨෝර හිනාවක්

මා දෙසට දමා හල

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන


දිනෙන් දින දළු ලා වැඩුනු

ප්‍රේමයේ මහා වෘක්ෂය

ඒක පාර්ශ්වික තීන්දුවකින්

කපා බිම දා

එයිනුත් නොනැවතී

වැටුණු වෘක්ෂයටද 

පොරෝ පහර දෙකක් එල්ල කළ

නුඹයි අයුක්තියට අධිපති දෙවඟන

No comments:

Post a Comment