ලියා දුක දරා ගත හැකි මානයෙන් ඔබ්බට
කෙමෙන් කෙමෙන් මා ලඟා වෙමි
ඉතින් ප්‍රේමිය මගෙන් නුඹට වන ආදරය නැමති හිරිහැරය
නිමාවනු ඇත නුදුරේම
ආදරය නොමැති තැන මා ද නොපවතිනු ඇත
මා නොපවතින තැන නුඹේ සතුට පවතිනු ඇත
නුඹේ සතුට පවතින තැන මගේ සතුට පවතිනු ඇත
මගේ සතුට විඳීමට මා....... එය ප්‍රශ්නාර්ථයකි
No comments:
Post a Comment